
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන - ඊශ්‍රායලය යුද්ධය පැවැති සමයේදී ඊශ්‍රායලය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා කරමින් ඉරානය 700 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඔත්තු බැලීමේ චෝදනා මත පුද්ගලයන් 9ක් මේ වනවිට අදියර තුනකදී එල්ලා මරා දමා ඇති බවද ඉරාන මාධ්‍ය ප්‍රකාශ කළේය. යුද්ධය පැවැති කාලයේදී ඉරානය තුල ඊශ්‍රායලයට සහාය දක්වන බුද්ධි සේවා දැඩිව ක්‍රියාත්මක වී ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරු මත ඉරාන ආරක්ෂක අංශ මෙම අත් අඩංගුවට ගැනීම් කර ඇති බවද ඉරාන මාධ්‍ය පැවැසුවේය.
එල්ලා මරා දැමුණු පුද්ගලයන් අතර ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායල භාණ්ඩ ඉරානය තුළට ගෙන ඒමට සහාය වූ බවට චෝදනා එල්ල වූ සැකකරුවන් ද සිටින බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් අත්අඩංගුවට
ගුණරත්න Saturday, 28 June 2025 07:51 AM
දින 12 යුද්ධයෙන් මියගියාට වඩා පිරිසක් ඉරානේ ඇතුලේ කුමන්ත්‍රණ කළා කියල මරලා දාලා තියෙනවා. ඔන්න රටක හැටි. අපේ රටේත් ඔහොම වෙන්න බැරි නැහැ. වැඩ බැරි මාලිමාවුන් ටික ඊළඟ ඡන්දය තියාවිද ෂුවර් නැහැ. රටේ අමාරුම කාලේ කෝ ඡන්ද කියා විමසීම් කරපු අය දැන් බලය තියෙද්දී පළාත්සභා ඡන්දය ගැන කිසිම සද්දයක් නැහැ