
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීම සඳහා වොෂින්ටනය දරන උත්සාහය ඒ සඳහා ඇති හොඳම මෙන්ම අවසාන අවස්ථාව විය හැකි බව ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඊයේ(19) ප්‍රකාශ කළේය.
එම නිසා ගාසා තිරයේ සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා කටයුතු කරන ලෙස සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව බ්ලින්කන් පැවැසුවේය.
සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා පැවැත්වෙන සාකච්ඡා මෙම සතියේදී නැවත වරක් ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡාවටයේදී සටන් විරාම ගිවිසුමකට එළඹීම සහතික කිරීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා රාජතාන්ත්‍රික මට්ටමින් පීඩනය එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඊශ්‍රායල හමාස් යුද්ධය තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ලැබෙන අවසාන සහ හොඳම අවස්ථාව මෙය විය හැකි බවත් බ්ලින්කන් ප්‍රකාශ කළේය. ඊශ්‍රායල ජනපති ඉසාක් හර්සොග් මුණගැසීමට ප්‍රථම මාධ්‍ය වෙත අදහස් දක්වමින් බ්ලින්කන් මෙම අදහස් පැවැසුවේය.
දෙපාර්ශ්වය සටන් විරාම ගිවිසුමකට එළඹීම සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පීඩනයක් එල්ල කිරීම සඳහා ජනපති බයිඩන්ගේ උපදෙස් මත ඊශ්‍රායලයට පැමිණ සිටින බවත් සටන් විරාම ගිවිසුමකට අකැමැතිවීමට හේතු නොසයා ඒ සඳහා කැමැත්ත ලබා දීමට සියලුම පාර්ශ්වවලට කාලය එළඹී ඇති බවත් එහිදී අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන්තනි බ්ලින්කන් ගිය සතියේ ඩොලර් බිලියන 20ක් ආයුධ ඊශ්‍රායලේට විකුණන්න ගිවිසුම් ගැහුවා. දැන් බොරුවට සාම සාකච්ඡා ගැන කතා කරනවා. කවුරු යුද්ධ කලත් ඇමරිකාව දිනුම්
මනුෂ්‍යත්වයක් නැති දියුණුවකින් කවර ඵලක්ද? ඇයි මේ මිනිසුන් එකිනෙකා මරා ගන්නේ? ලොව සියළු ජාතීන් අතර සමාදානයක් ඉතා ඉක්මනින් අවශ්‍යයි...!
සජීවී අස්වයෙකුගේ පිටේ පුහුල් ගෙඩියක් නො වැටී තබා ගැනීම අසීරු කරුණක්... බිම පතිත නොවී තබා ගැනීම බැරි තරම්. ඒ හා සමානව මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සටන් වලින් බැහැර තබා ගැනීම අසීරුයි. ඔවුහු ඒ තරමටම අන්තවාදී ආගමික උණ කාරයෝ ය. ඔවුන් සටන් වලින් බැහැරට ස්ථීර ලෙස ගෙන යා නොහැක්කේ ඉස්ලාම් ආගමික වගන්තිවලින් සටන් කිරීම අනුදැනීම කර ඇති බැවිනි. භූමියේ බලය, රාජ්‍යයේ බලය, ලබා ගැනීම ආගමික වගන්ති මත පනවා ඇති බැවිනි. මුසල්මානුවන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරානය ස්ථීර ලෙසම එය සනාථ කර ඇති බැවිනි. රාජ්‍ය බලය ලබාගැනීමත්, රැක ගැනීමත් රටේ පාලනයත් යන සියල්ල රඳා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය = කොමියුනිට්ස්වාදය, ලිබරල් වාදය, නව ලිබරල්වාදය, ආදී කිසිඳු දේශපාලන න්‍යායන් මත නොව ඔවුන්ගේ ශුද්ධ ආගමික ග්‍රන්ථය මතයි. ඒ සඳහා ඇවැසි සියලු මූලෝපායන් ආයුධ සන්නද්ධ භාවය මුල් කරගෙන ක්‍රියාකරත්. නීත්‍යානුකූල රාජ්‍ය ඒ වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නොව, නියෝජිත proxy සටන් කරුවන් Paramilitary හට යුද්ධෝපකරණ ලබාදීම මගින් තම අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරයි. හමාස්, හිස්බුල්ලා ආදී සංවිධාන මුස්ලිම් රාජ්‍යවල පැරා මිලිටරි....