
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයන් ලියාපදිංචිය හෙට (27) සිට අරඹන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
පොදු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන්නන් , සෙරමික් ටයිල් වැඩ , කපරාරු වැඩ යන රැකියා සඳහා මෙලෙස කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රමිකයින් ලියාපදිංචිය සිදු කරනු ඇත.
වයස අවුරුදු 25-45 අතර පිරිමි පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, තෝරා ගන්නා රැකියා කාණ්ඩයට අදාල මනා පළපුරුද්දක් තිබිය යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර නොමැති හා ඥාතීන් කිසිවෙකු ඊශ්‍රායලයේ සේවය කරන හෝ පදිංචි නොවන පුද්ගලයින්ට මේ සඳහා අයැදුම් කළ හැක.
ඊශ්‍රායලයේ පවතින දේශගුණික හා කාලගුණික තත්වයන් යටතේ සේවය කිරීමට සුදුසු මනා කායික හා මානසික තත්වයකින් යුතු පුද්ගලයින්ට පමණක් මේ සඳහා අයැදුම් කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.
අයැදුම්කරුවන් වසර 10ක පාසල් අධ්‍යාපනයක් ලබා තිබිය යුතු අතර මුලික ඉංග්‍රිසි දැනුමක් තිබිය යුතු බව ද කාර්යාංශය කියයි.
සුදුසුකම් සපුරා රැකියාව හිමිවන ශ්‍රමිකයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවන අතර, මසකට ඇමරිකා ඩොලර් 1520 ක වැටුපක් හා අමතරව අතිකාල දීමනා හිමිවන බව කාර්යාංශය සඳහන් කරයි.
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා www.slbfe.lk වෙබ් අඩවියේ විශේෂ වෙබ් ද්වාරයක් හදුන්වා දී ඇති අතර සුදුසුකම්ලත් ශ්‍රමිකයින්ට හෙට (27) සිට ජූලි මස 1 දින දක්වා ලියාපදිංචි වීමට කාලය ලබාදී තිබේ.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායලයේ රැකියා තුනකට ලියාපදිංචිය අරඹයි