
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන තිබූ පියවර නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ඒ අනුව පොදු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන්නන් (General Renovation Work), සෙරමික් ටයිල් වැඩ (Ceramic Tiling Work), කපරාරු වැඩ (Plastering Work) යන රැකියා සඳහා හෙට (27) දින සිට කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමට ගනු ලැබූ තීරණය තාවකාලිකව කල් දැමීමට පියවර ගෙන ඇති බවත් ලියාපදිංචිය සිදුකරන දිනය පසුව දැනුම් දෙන බවත් කාර්යාංශය විසින් සඳහන් කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රැකියාවක් ඉස්සෙල්ලා කළ යුතුයි. මිනීමරු, කපටියන්ගේ ඩොලර්වලට වහල් වෙන්න ඉස්සෙල්ලා
දැන් විදේශ සේවා නියුක්ති කාර්යාලයත් රැකියා ඒජන්සියේ වැඩත් පටන් අරන්, මේක හරියට පොලිසිය සිකුරිට් කොම්පැනියක් විවෘත කළා හා සමානයි..