
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ පුද්ගලික ධනස්කන්දය ඇමෙරිකානු ඩොලර් බිලියන 750 ට ආසන්න වී ඇතැයි පැවසෙයි.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 600 කට වැඩි ආදායමක් හිමි ලොව එකම පුද්ගලයා වන්නේද ඊලෝන් මස්ක්ය.
ඊලෝන් මස්ක්ගේ ඇමෙරිකානු ඩොලර් බිලියන 139 ක ටෙස්ලා කොටස් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩෙලවෙයාර් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුව සහ ඩොලර් බිලියන 800 ක වටිනාකමින් යුත් ස්පේස් එක්ස් සමාගම මහජන කොටස් නිකුතුවක් සිදු කිරීමට සුදානම් වන බවට පුවත් වාර්තා වීම හේතුවෙන් ඔහුගේ පුද්ගලික ධනස්කන්දය මෙලෙස විදුලි වේගයෙන් ඉහළ ගොස් ඇත.
ස්පේස් එක්ස් සමාගම පිළිබඳව පළවූ පුවත් හේතුවෙන් පසුගිය සතියේදී මස්ක්ගේ ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 168 කින් වැඩිවී බිලියන 677 සීමාවට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මදි. මේක තමයි මනුස්සයාගේ තණ්හාව...
සජියා ගිහිං ටිකක් හිගාකාාලා ඉල්ලන් ඒන්නකො
දැන් ලෝකෙ තියෙන ප්‍රවණතාව අනුව ධනවතා තව තවත් ධනවත් වෙයි. කෘතිම බුද්ධිය පාවිච්චි කරලා සාමාන්‍ය සේවක කප්පාදුව තවත් වැඩි වෙනවා. රැකියා කරන සුළු ආදායමක් ඇති බහුතරයගේ ආදායම තවතවත් අඩුවෙද්දි ලෝකෙ ප්‍රකෝටිපතියෝ තව තවත් දියුණු වෙනවා. කෘතිම බුද්ධියෙන් මේක තවත් වේගවත් වෙන එක විතරයි වෙන්නේ...
මට තරම් සල්ලි නෑ.