(අංජුල මහික වීරරත්න)

ඊජිප්තුවේ දී ලබන නොවැම්බර් 06 වනදා සිට 18 වැනිදා දක්වා ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුළුවට තෙවන චාල්ස් රජු සහභාගී විම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තෙවන චාල්ස් රජු COP 27 සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇති බවට බකිංහැම් මාළිගය ඔක්තෝබර් 02වනදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

තෙවැනි චාල්ස් රජු දේශගුණික විර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා දීර්ඝකාලිනව පෙනී සිටි අයෙක් වන අතර පසුගිය වසරේ COP 26 සමුළුවේ සමාරම්භක දේශනය ද ඔහු විසින් සිදු කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශකවරයෙකු ලෙස හිටපු නෝර්විජියානු පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා පත් කර තිබෙන අතර ලබන මාසයේ ඊජිප්තුවේ පැවැත්වීමට නියමිත Cop 27 සමුළුට ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතය.