(අංජුල මහික වීරරත්න)
බොර තෙල් නැව් දෙකක් නොපැමිණීමේ අර්බුදයට පිළියමක් ලෙස පසුගිය 5 වැනි දා ටෙන්ඩර් කැඳවූ බවද ඒ අනුව අප්‍රේල් 6,7 සහ 8 යන තෙදින ඩීසල් මෙට්‍රික් ටොන් 37000 නැව් දෙකක් පැමිණීමට නියමිත යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.
දැවි තෙල් මෙට්‍රික් ටොන් 30000ක නැවක් අප්‍රේල් 12 -13 දින වලද ජෙට් ඒ 1 මෙට්‍රික් ටොන් 35000ක නැවක් අප්‍රේල් 10-11 පැමිණීමට නියමිත බව කී කැබිනට් ප්‍රකාශකවරයා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000ක නැවක් අප්‍රේල් 16-17 පැමිණීමට නියමිතව ඇතැයි සඳහන් කළේය.
ඊට අමතරව බොරතෙල් මෙට්‍රික් ටොන් 30000 නැවක් අප්‍රේල් මාසයේදී ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වුවත් එය පැමිණෙන්නේ නැතැයි කී අමාත්‍යවරයා ඊට අමතරව ජුනි මාසයේදී මෙට්‍රික් ටොන් 30000ක බොර තෙල් නැවක් පැමිණීමට නියමිතව තිබෙන කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd