IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉසෙඩි ඇළෙන් ගොඩට ගිය අලියා දෙන්නෙකුට දිවි අහිමි කරයි

(නිමල් ජයරත්න)
 
 පොළොන්නරුව මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට අද( 20) අලුයම වැටී සිටි වන අලියෙකු ගොඩ ගැනීමෙන් අනතුරුව එම අලියා දිඹුලාගල වෙහෙරගම ගම්මානයට කඩා වැදී එකම පවුලේ දෙදෙනෙකුට පහරදීමෙන් ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ වෙහෙරගම දේවගල ලිපිනයේ අංක 223 ලිපිනයේ පදිංචිව සිටි 80 වියති ඩී.ආර්. ප්‍රේමාවතී මැණිකේ මහත්මිය සහ ඇයගේ සොහොයුරෙකු වන 74 වියති, ඩී.ආර්. පොඩි රාළහාමි යන අය බව පරීක්‍ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.

වන අලියා පහරදීමෙන් ඩී.ආර්. ප්‍රේමාවතී මැණිකේ මහත්මිය මිදුලේම මියගොස් ඇති අතර ඇයගේ සොහොයුරා පොළොන්නරුව මහ රෝලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය පවසයි.

මාදුරුඔය ඉසඩ්.ඩී, ප්‍රධාන ඇළට වැටුණු වන අලියෙකු, වෙහෙරගල වනජීවි නිලධාරීන් පැමිණ, අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් ගොඩට ගැනීමෙන් අනතුරුව එම අලියා වෙහෙරගම ගම්මානයට කඩා විඳී ඇත.

එම ගම්මානයේ ඇල ඇසළ සිටි පිරිමි පුද්ගලයා සහ නිවස ඉදිරිපිට සිටි කාන්තාවට මෙම අලියා පහරදී ඇති අතර, පහරදීමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා මනම්පිටිය රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය පවසයි.

ඉසඩ් ඇලෙන් ගොඩගත් මෙම වන අලියා ගම්මානයට පලවා හැරීමට කටයුතු කිරීම පිළිබඳ වෙහෙරගල ගම්මානයේ ගම්වාසීන් වනජීවි නිලධාරීන්ට දැඩි විරෝධයක්ද මෙහිදී පලකර සිටියහ.
 



අදහස් (3)

ඉසෙඩි ඇළෙන් ගොඩට ගිය අලියා දෙන්නෙකුට දිවි අහිමි කරයි

බද්රානි Thursday, 20 February 2025 01:55 PM

අනේ ඒ අහිංසක අලියාට කරදරයක් වෙලා නැහැ නේද..? "වන සත්තුන්ට" අයිති මේ දිවයින "වල් සත්තු" ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵල තමයි මේ..!

:       28       9

Pradeep KumaraThursday, 20 February 2025 02:32 PM

බද්‍රානි - අහිංසක අලියාට නම් කරදරයක් නෑලු. හැබැයි අර මිනිස්සු දෙන්නෙක් නම් මැරිලාලු..

:       1       22

ලුම්බිණි Friday, 21 February 2025 04:42 AM

මේක අලියාගේ හෝ මිය ගිය අයගේ ප්‍රශ්නයක් නොව වනජීවී අයගේ අනුවන කම නිසා සිදුවූ හදිසි අනතුරක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site