
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්. ඩි. ඇළට වැටුණු වන අලියෙකු ජලයේ සැඩ පහරට, ගොස් බෝක්කුවක් යට සිරවී පසුව ඇල්ලේවැව ප්‍රදේශයට ගසා ගෙන ගොස් එම ඇලේ සොරොව්වක සිර වී මියගොස් ඇති බව පිඹුරත්තෑව අඩවි වන කාර්යාලය සඳහන් කරයි.
අවුරුදු විසි පහක් පමණ වයසති මෙම වන අලියා ඉසඩ්.ඩී ඇළට වැටී ඇති අතර අනතුරුව අලියා නොපෙනී ගොස්, ඇල්ලේවැව සොරොව්වක සිර වී මියගොස් සිටියදී අද (31) උදෑසන ප්‍රදේශවාසීන් දැක ඇති බවද වනජීවී නිලධාරී සඳහන් කරයි.
මෙම අලියාගේ හිසේ වෙඩි පහරවල් කිහිපයක් තිබු බවත්, කෙසේ වෙතත් වන අලියා වෙඩි ප්‍රහාරයකින් මිය යන්නට ඇද්ද එසේ නැත්නම් ජලය ගිලිමෙන් මිය යන්නට ඇද්ද යන්න පරීක්‍ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු සමීර කලිගුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු කර තිබෙන බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
බැකෝ යන්ත්‍ර දමා වන අලියා ගොඩ ගෙන ඇති අතර මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවි පශු වෛද්‍යය සමීර කලිගුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ප්‍රවීෂ් පෙරේරා, පිඹුරත්තෑව සහකාර අඩවි ආරක්ෂක එස්.ඒ. වික්‍රමරත්න යන මහත්තුරු ඇතුළු වනජීවී නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
වන අලින් ගම්වදින ප්රශ්නයට විසදුම් හොයන්න ක්රම සහ විදි ඕන තරම් තියෙද්දී එමගින් හම්බ කරන් කන දූෂිත වන ජීවී නිලධාරීන් නිසා අහංසක වන අලිනුයි, ගම් වැසියනුයි මිය යනවා.