
(සුජිත් හේවාජුලිගේ)
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනයට සම්බන්ධවී දැනට අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය
එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන සිටින නමුත් ඒ ගැන කිසිවකු කතා නොකරන බවත් සැකකරුවන් සැකකාරියන් අල්ලා ගැනීමට දුෂ්කර වන මෙවැනි විරල සිද්ධි එකක් දෙකක් තිබිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
සැකකාරිය ගැන යම් යම් තොරතුරු වෙනස් සැකකාරියන් හරහා අනාවරණය වී ඇති බවද හෙතෙම පැවසීය
උසාවියේ ආරක්ෂාවේ අඩුපාඩුවක් හේතුවෙන් එම සිද්ධිය සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා ප්‍රහාරය පිළිබඳව කල්තියා නිශ්චිත තොරතුරක් ලැබී නොතිබුණු බවද ප්‍රකාශ කළේය.
ගනේ මුල්ල සංජීව නමැත්තාට ජීවිත තර්ජනයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුගේ ආරක්ෂක විධි විධාන දැඩි කළ බවද විජේපාල මහතා කීය.
ඔහු බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන එන අවස්ථාවේදී විශේෂ ආරක්‍ෂාවක් දුන්නේ ඒ නිසා බවද අමාත්‍යවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
..... ගනේ මුල්ල සංජීව නමැත්තාට ජීවිත තර්ජනයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුගේ ආරක්ෂක විධි විධාන දැඩි කළ බවද විජේපාල මහතා කීය........ආරක්ෂාව වැඩි කරලා තියෙද්දී ද අර කෙල්ලක් ගේමදුන්නේ .ලජ්ජය් අමති තුමෝ. . විලි ලජ්ජය් .
කවුද අනේ ඕවා අහන්නේ? පාතාලය ගැන හොයනවාට වඩා වැඩ සාමාන්‍ය ජනතාවට තියෙනවා...
අන්න දේශබන්දු ගෙදරලු හිටියේ හංගුනේ නෑලු... මෙයත් ගෙදර ඇති හොඳට බලන්න...
ඉතින් අල්ලා ගන්නකෝ...!
බෝට්ටුවකින් ඉන්දියාවට ගියානම් විගමන වාර්තා වලට අහුවෙන්නේ නැහැ නේ.