

ඉවෙන්ට් මීඩියා ආයතනය විසින් සංවිධානය කළ ලෝකයේ සැබෑ මනාලියන් වැඩිම සංඛ්‍යාවක් සහභාගි වූ මනාලියන් දැක්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (02) පැවැත්විණි.
ලෝක ගිනස් වාර්තා සංගමයේ කොන්දේසි වලට යටත්ව මෙම මනාලියන් දැක්ම සංවිධානය කර තිබූ අතර මෙරට විවිධ පළාත් වලින් මනාලියන් 73 දෙනෙක් සහභාගිවූහ.
මේ සඳහා 2018 ඔක්තෝබර් මස 02 වැනිදා සිට 2019 ජනවාරි මස 02 දක්වා කාලය තුළ විවාහය ලියාපදිංචි කළ මනාලියන් තෝරා ගෙන තිබිණි.
එම අවස්ථාවේදී ලෝක වාර්තා විනිසුරුවරියක වන ලුසියා සිංගලිශ් මහත්මිය ගිනස් ලෝක වාර්තාවට හිමි සහතිකය ඉවෙන්ට් මීඩියා ආයතනයේ අධ්‍යක්ෂිකා නිරෝෂා මෙන්ඩිස් මහත්මිය වෙත පිරිනැමුවාය.
මෙහි පෙර වාර්තාව හිමිකරගෙන තිබෙන්නේ 2011 වර්ෂයේ දී ප්‍රංශයේ පැරිස් නුවර මනාලියන් 54 ක් සහභාගි කරවාගනිමින් පැවැත්වූ මනාලියන් දැක්මක් සඳහාය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉවෙන්ට් මීඩියා ආයතනය ගිනස් පොතට
manamalaya Wednesday, 02 January 2019 08:29 PM
ලස්සනට තියෙන්න ඇති. මුණු වලට බදාම ගාලා කපරාරු කරන්න ගොඩක් වෙලා යන්න ඇති.
sandy123 Thursday, 03 January 2019 06:49 AM
සුභ පැතුම්!