
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයෙන් තමන් ඉවත්වන බව ලොව අංක එකේ බිලියනපති, ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් නිවේදනය කළේය.
ඉකුත් නොවැම්බරයේ, ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙද්දී, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පසුපස සිටි ප්‍රබලයා වූයේ මස්ක්ය. ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට බිලියන ගණනින් මුදල් යෙදවීම කළේ ද මස්ක්ය.
නොවැම්බර් ජනාධිපතිවරණය ජය ගනිමින්, ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ ජනවාරියේය. ට්‍රම්ප් දිවුරුම් දුන් සැණින්, රජයේ අනවශ්‍ය වියදම් සොයා ඒවා කප්පාදු කිරීමට ‘ඩොජ්’ නව ආයතයයක් පිහිටුවීය. ‘ඩොජ්’ යනු රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවය.
‘ඩොජ්’ ආයතනයේ ප්‍රධානියා ලෙස ජනාධිපති ට්‍රම්ප්, රජයේ විශේෂ නියෝජිතයකු ලෙස ඉලොන් මස්ක් පත් කළේය. මස්ක් සහ ඔහුගේ නිලධාරීන් කණ්ඩායම, රජයේ අනවශ්‍ය වියදම් සොයා බැලූ අතර, ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපලනය දැනුවත් කළේය.
රජයේ වියදම් කප්පාදු කිරීමට ඉලොන් මස්ක්, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට උපදෙස් දීම, බොහෝ දෙනකුගේ විරෝධයට ද හේතුවක් විය. ඇමෙරිකාව, බිලියනපති මස්ක්ගේ අණසකට නතුවී ඇති බවට ද චෝදනා එල්ල විය.
ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පැහැදිලි කළේ ඉලොන් මස්ක් ‘ඩොජ්’ ආයතනය හරහා ඉදිරිපත් කරන නිර්දේශ සියල්ල අනුමත කරන්නේ තමන් බවත්, ඇමෙරිකාව කිසිම අවස්ථාවක මස්ක්ගේ අණසකට යටත් වී නොමැති බවත්ය.
විශේෂ රාජ්‍ය නිලධාරියකු ලෙස මාස පහකට තමන්ට පැවරුණු රාජකාරි අවසන් බවත්, තමන් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වී, තමන්ගේ ව්‍යාපාර කටයුතුවල නියැලෙන බවත් මස්ක් එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ සටහනක් තබමිනි.
‘ඩොජ්’ හරහා ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, රජයේ අනවශ්‍ය වියදම් නැවැත්වීමට පියවර ගැනීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපතිවරයාට ස්තුති කිරීමට පවා ඉලොන් මස්ක් පියවර ගත්තේය. එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වය ඇත්තේ ද ඉලොන් මස්ක් සතුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේනටත් හිටියා මෙවැනි උපදෙස් දීපු කෙනෙක්."
USAID ආයෙත් සක්‍රීය වෙයිද? අපේ අගමැතිණිගේ අනුග්‍රහය ලබන ප්‍රජාවට ආයෙත් හොඳ කලක් ඒවිද?
පුතාගේ දැනගැනීම පිණිසයි.
තමන්ට මුදල් තිබුණාට මදි. රට වැසියොත් ඕනෑ. ඉදිරියට යන්නනම්. රටේ ජනාධිපති පත් කරගත්තේ. ඉලාන්මාස්ක් බලාගෙන නෙමේ. මහන්සි වෙලා වැඩ කරන ජනතාවගේ දීමනා කපන්න ඇවිත්. ත්මන්ගේ බිස්නස්. වැටුණු එක විතරයි වුනේ. මිල කරන්න බැහැනේද වුණු පාඩුව...? නීතිය අකුරටම වැඩ කරන රටක් ඇමරිකාව කියන්නේ. වැඩ කරන ජනතාවට නායකයින්ටත්වැඩිය සලකන රටක්. මෙයා හිතන් හිටියේ. මුදල් බලේට සේරමයටයි කියලා ජනතාව ඔලුවෞස්සන්න බැරි වෙන්න දුන්නා. වාහනගිනි ගන්නවා රොකට් කඩන් වැටෙනවා දැන් අකුලන්... යනවා මාස පහට වුණු පාඩුව. තමන්ගේ දේවල් බලන් හිටියා නම් ඉවරයි...
ට්‍රම්ප් යන්නේ රුවිතෙට කියලා තේරිලා වෙන්න ඇති...