
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයට සම්බන්ධ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉන්දියන් සාගරයේදී ඇමෙරිකානු හමුදාව අත් අඩංගුවට ගෙන ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
ස්කයි වේව් නැමැති මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාවට පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකාව සම්බාධක පනවා ඇති බවත් ඉරාන තෙල් ප්‍රවාහනය කරන්නේ යැයි චෝදනාව මත එම සම්බාධක පනවා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ස්කයි වේව් බොරතෙල් ඉන්ධන ප්‍රවාහන නෞකාව මලක්කා සමුද්‍ර සන්ධිය පසුකරමින් මැලේසියාවට බටහිරින් යත්‍රා කරමින් තිබී ඇති බවත් එම අවස්ථාවේ පසුගිය පෙබරවාරි මාසයේ ඉරානයේ කර්ග් දූපතෙන් පැටවූ බොරතෙල් බැරල් මිලියන 10 කට වැඩි ප්‍රමාණයක් එහි තිබී ඇති බවත් එම මාධ්‍ය වර්තාවේ දැක්විණි.
ඇමෙරිකාව මේ වනවිට අවම වශයෙන් ඉරානයට සම්බන්ධ ඉන්ධන ප්‍රවාහන නෞකා තුනකට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙන බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd