
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාකයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග සෞදි අරාබිය පසුගිය 11 වැනිදා සිය ප්‍රධාන තෙල් නළ මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය මගහැර තෙල් අපනයනය කිරීම සඳහා සෞදි අරාබිය මෙම තෙල් නලය භාවිත කර ඇති අතර දිනකට බොරතෙල් බැරල් මිලියන 4ත් 5ත් අතර ප්‍රමාණයක් නලය ඔස්සේ අරාබි අර්ධද්වීපය පුරා ගමන් කර ඇත.
එය ගෝලීය අවශ්‍යතාවයෙන් සියයට 4ත් 5ත් අතර ප්‍රමාණයකි. කිලෝ මීටර් 1200 ක යුත් මෙම තෙල් නලයට පසුගියදා ඉරාකයේ සිට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර එහි වගකීම කිසිවෙකු බාරගෙන නොතිබිණි.
ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පිරිසක් සිටින බවත්, නළ මාර්ගයේ ආරක්ෂාව තහවුරු කර එහි තත්ත්වය තක්සේරු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් සෞදි බලශක්ති අමාත්‍යාංශය ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේය. පසුගිය මාස හය පුරාවට තෙල් අපනය කිරීම සඳහා මැද පෙරදිග කලාපය භාවිත කළ ප්‍රධාන මාර්ගය මෙය බවද පැවැසෙයි.
කෙසේ වෙතත් ඉරාක අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේදී ප්‍රතිප්‍රහාර එල්ල නොකරන බව සෞදි අරාබිය ප්‍රකාශ කර තිබුණද, සිය ස්වෛරීභාවය, ආරක්ෂාව සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමේ අයිතිය තමන් සතු බවද සඳහන් කර ඇත. ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාක හමුදා නිලධාරියෙකු සේවයෙන් පහ කිරීමටද කටයුතු කර ඇතැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd