
ඉරානය සතු විදුලි බලාගාර ඉලක්ක කර ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කළහොත්, ඊට ප්‍රතිචාර වශයෙන් ගල්ෆ් කලාපීය රටවල බලශක්ති සහ ජල පද්ධති වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබා දුන් පැය 48ක කාලසීමාව තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම විවෘත නොකළහොත් ඉරානයේ විශාලතම බලාගාර විනාශ කරන බවට කළ තර්ජනයත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇත.
ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයේ යටිතල පහසුකම්වලට හානි වුවහොත් කලාපයේ ඇති බලශක්ති මධ්‍යස්ථාන සහ මුහුදු ජලය පිරිපහදු කරන මධ්‍යස්ථාන (Desalination plants) නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකා විනාශ කරන බවය.
මෙම තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් මිල ඉහළ යෑමේ සහ කලාපීය ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වීමේ තර්ජනයක් මතුව තිබේ.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) ඉරාන නියෝජිත අලි මූසාවි පවසන්නේ, ඉරානය සමඟ පූර්ව සම්බන්ධීකරණයෙන් යුතුව ආරක්ෂක කටයුතු සලසා ගන්නේ නම් විදේශීය නෞකාවලට තවදුරටත් මෙම මුහුදු මාර්ගය භාවිත කළ හැකි බවය.
එසේ වුවත් "සතුරු රටවලට" අයත් නෞකාවලට මෙම අවස්ථාව හිමි නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd