
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකානු හමුදාව පෙරේදා(21) එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස මැද පෙරදිග රටවල් බොරතෙල් අපනයනය සඳහා භාවිත කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඊයේ(22) ඡන්දය භාවිත කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වන අතර එය ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකකි.
හොමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20 ක් ප්‍රවාහනය වන අතර එය ලෝක බොරතෙල් පරිභෝජනයෙන් සියයට 20 කි.
එසේම ද්‍රව වායුද අපනයනය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් ඇතුළු ප්‍රධාන ගල්ෆ් නිෂ්පාදකයින්ගෙන් තෙල් අපනයනය අඩාල වනු ඇත.
තෙල් අපනයනය කිරීම සඳහා විකල්ප නළ මාර්ග තිබුණත් එම මාර්ගවලට හැසිරවිය හැක්කේ දිනකට බොරතෙල් බැරල් මිලියන 2.6 ක් පමණක් බවද ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකාව න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඊයේ (22) උදෑසන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාපති බ්‍රිගේඩියර් ජෙනරාල් අලිරේසා ටැංසිරි, පැය කීපයක් තුළ හොමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර ඒ සමග ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 සීමාව දක්වා ඉහළ ගියේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 120 ත් 150 ත් අතර මිලක් දක්වා ඉහළ යනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දී ඇත.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට ඉරානය දිරිමත් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චීනයෙන් ඊයේ(22) ඉල්ලීමක්ද කර ඇත.
චීනයද යැපෙන්නේ හොමුස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණෙන බොරතෙල් මත බැවින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට චීනය ඉරානය දිරිමත් කළ යුතු යැයි රූබියෝ එහිදී ප්‍රකාශ කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් රටවල් රැසකට හානි වනු ඇති බවත් එය ආර්ථික සියදිවි නසා ගැනීමක් වනු ඇති බවත් රූබියෝ පැවැසුවේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අවසරය ලබා දුන්නත් අවසන් තීරණය ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය මත වන අතර එම කවුන්සිලයද පාර්ලිමේන්තුවේ තීරණය අනුමත කළ හොත් ඉන්දියාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිලට එය බලපෑමක් එල්ල කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ යක්කු. තෙල් නිධියක් උඩ ඉඳගෙන ඒකෙන් නියම පල ප්‍රයෝජන ගන්නේ නැතිව, අන්තවාදයෙන් උමතු වෙලා මිනිස්සු බිල්ලට දෙන හැත්තක්. ඔහොම ගොන්කම් අනුමත කරන ජනතාවකුත් ඉන්නවා නම් ඒ වගේ රටක් හැමදාම වල පල්ලේ තමයි.
ඇමරිකාවට සහ ට්‍රම්ප්ට හුරේ දාපු අයට එහෙන් තෙල් ලැබෙනවා.
ඔන්න ඉතින් ඒපාර ඉරාන කාරයෝ නියම ත්‍රස්තවාදීන් විදිහට හැසිරෙන්න පටන් අරන් , මේක වැහුවහම ඒක ඊශ්‍රාලයටවත් වත් ඇමරිකාවට වත් බලපෑමක් නැහැ ,ඒකේ සම්පූර්ණ බලපෑම එන්නේ කොහෙවත් ඉන්න ආසියාවේ රට වලට
තවම හෝමුස් සමූද්‍ර සංධිය වසා දමා නැහැ, ඒ සදහා ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා පමණයි !
මේ ප්‍රවෘත්තිය සත්‍ය නැහැ තවම, ඉරාන පාර්ලිමේන්තුව ඉරාන නායකයට එවැන්නකට බලය දීම පමණයි මෙතෙක් කර ඇත්තෙ. ඒක එහෙම නොවෙන්න පුළුවන් . චීනයෙ බලපෑම මත ,එසේම ඉරානයටත් ඒක වාසි නැහැ.එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමු.
අනුරට බැරිද දන්නෑ ඉරානයට ගිහින් ඔවුන්ව හිනස්සලා ප්‍රශ්නය විසඳලා දාන්න.
ගෙදරදීම පැට්‍රල් ඩීසල් හදාගන්න ක්‍රමයක් කියලා දෙනවා කුණුහබ්බෙන් බනින්නෙ නැත්තං.
එතකොට ඇමරිකා ද ඊශ්‍රායල් ද හරි
අනුරට පින් සිද්ධ වෙන්න ලංකාවටනම් බලපෑමක් නැහැ. හොරු ටිකත් හිරේ. ලෝක නායකයොත් අනුරට. ඩොලරුත් තියනවා මදි නොකියන්න. දැන් ණය ගන්න පුලුවන් ඇති පදම්. තෙල් මිල හා සැපයුම සුරක්ශිතයි
අයිසේ ගුණරත්න, ලංකාව ගැනද කියන්නේ ?
මතකද අපෙ රටෙත් හිටපු ලෙ පිපාසෙන් උමතුවී, දහස් ගණන් අහිංසක, නිරායුධ සිවිල් වැසියන් අමු අමුවේ සමූලඝාතනය කරපු ත්‍රස්තවාදීන් මාවිල් ආරු සොරොව්ව වහපු හැටි? දැන් ඔය ඉරානයෙ ඉන්න කළු කබා, මොලේ නැති මොල්ලන්, හොමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තටමන්නෙත් ඒ කොටි සහොදරයො වගෙමයි... ඒක වැරදිලාවත් සිද්ධ උනොත්, ට්‍රම්ප් ගෙ බොම්බ ගබඩාව තව චූට්ටක් හිස් වෙන එක සහතිකයි. මැද පෙරදිගින් චීනයට ආනායනය කරන ඉන්ධන නැව් අඛණ්ඩව ගෙන්වා ගැනීම සදහා ෂී ජින් පිං ට්‍රම්ප් අයියාට ෆුල් සපොට් එක නියත වශයෙන්ම දෙන එක ෂුවර් ! නැවත වරක් මොලේ නැති මොල්ලන් පශ්චාත් භාගය බිම ඇන ගන්නා හැටි ලොවට පෙන්නාවි. පව් ... අනේ ... පව් ! ඔන්න ඕකම ඉරානය ටත්
මේ ගුනරත්න කියන්නෙ කවුද මොලේ උඩ ඉඬගෙන ඉන්න එයින් නියම ප්‍රයෝජනයක් ගන්නේ නත්තේ අයි කියලා හිතාගන්න බෑ .ලොකු ටෝක් ඩුන්නට මෙයාට මේ රටවල් ගනවත් යුඩ්දෙ ගනවත් අබමල් රේනුවක් මොලේ නෑ කියලා හිතෙනවා .පව් කියලත් හිතෙනවා ඉතිං මොනවා හරි කොටන්නත් එපැයි .
..... හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට ඉරානය දිරිමත් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චීනයෙන් ඊයේ(22) ඉල්ලීමක්ද කර ඇත.....US වලට බලපෑමක් නත්නම් උන් මෙච්චර දඟලන්නේ නෑ .කොහොමත් Asia රවල් වලට තමයි බලපෑම වැඩි .
ලෝකයේ තෙල් එහා මෙහා යවන වැදගත්ම මුහුඳු මාර්ගය ලෙස සැලකෙන හොමුස් බොක්ක වසාදැමීමට තීරණය කිරීමෙන් ඉරානය කර ගන්නේ තමන්ගේ අතින්ම තම බෙල්ල කපාගැනීමක් වැනි අනුවන ක්‍රියාවකි. මේ තීරණය හේතුවෙන් චීනයද ඇතුලු බොහෝ රටවල් වලට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙනු ඇත. ගෝලීය බොරතෙල් සහ ස්වාභාවික ගෑස් වලින් දළ වශයෙන් 30% ක් පමණ ප්‍රවාහනය කෙරෙන්නේ හෝමුස් මුහුඳු මාර්ගයෙනි. ඒ අනුව සවුදි අරාබිය, ඉරානය, ඉරාකය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල නිපදවන තෙල් බැරල් දවසකට මිලියන 17 කටත් වැඩි ප්‍රමාණයක් මේ මාර්ගයෙන් ලොව වටා ප්‍රවාහනය කෙරෙයි. මේ මුහුඳු තීරයේ කිසියම් ගැටුමක් ඇති වුවහොත් තෙල් කාන්දුවීම් වැනි දේ නිසා පරිසරයටද දැඩි විපාක ඇති වීමට ද ඉඩ ඇත.