
(විමුක්ති එස් රුද්‍රිගු)
සටන් විරාමය ක්‍රියාත්මක කර පැයක් යන්නටත් මත්තෙන් ඉරානය සටන් විරාමය කඩ කළ ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වාර්තා කළේය.
ඉරානය ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් අවම වශයෙන් එක් බැලස්ටික් මිසයිලයක් ඊශ්‍රායලයට එල්ල වූ බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සඳහන් කළේය.
බැලැස්ටික් මිසයිල ප්‍රහාරය එල්ල වීමත් සමග අනතුරු ඇඟවීමේ නලා නාද වූ බවත් ගුවන් ආරක්ෂණ පද්ධතිය එම මිසයිලය විනාශ කර දැමූ බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සඳහන් පැවැසුවේය.
දින 12 ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කරමින් සටන් විරාමයකට එළැඹුණ බව ඉරානය සහ ඊශ්‍රායලය අද (24) නිල වශයෙන් නිවේදනය කළේය. සටන් විරාමය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ඉරාන සහ ඊශ්‍රායලය සිය මෙහෙයුම් අතිශය සාර්ථක වූ බව ප්‍රකාශ කළේය.
ඉරානය සහ ඊශ්‍රායලය සිය මෙහෙයුම් අතිශය සාර්ථක වූ බව නිල වශයෙන් ප්‍රකාශ කරද්දී ඇමෙරිකාවද ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ මෙහෙයුම අතිශය සාර්ථක වූ බව ප්‍රකාශ කළේය.
ඉරාන - ඊශ්‍රායල යුද්ධයේදී සිය ප්‍රතිවාදියාට එරෙහිව ඉරානය "ටෘ ප්‍රොමිස් 3" මෙහෙයුමත්, ඊශ්‍රායලය " රයිසින් ලයන්" මෙහෙයුමත්, ඇමෙරිකාව "මිඩ්නයිට් හැමර්" මෙහෙයුමත් ක්‍රියාත්මක කර තිබිණි.
2025 නොවැම්බර් මස 04
514
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරානය සටන් විරාමය කඩයි