
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීම ඊශ්‍රායලය සහ ඉරානය අතරේ පවතින එදිවිරාදිකම් අවසන් කිරීමට හේතුවක් නොවනු ඇති නමුත්, පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීමට එය විසඳුමක් වේවි යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසයි.
මේ වනවිට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, මේ වනවිට, ඉරානයේ රහසිගත ස්ථානයක බංකරයක් තුළ සැඟවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඊශ්‍රායලය තවදුරටත් ඉරානයට පහර දෙමින් සිටින අතර, ඉරානය ද ඊශ්‍රායලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.
තමන් ප්‍රහාර නවත්වන්නේ, ඊශ්‍රායලය ප්‍රහාර නවත්වන්නේ නම් පමණක් බව ඉරානය පවසා ඇත.
පසුගිය සිකුරාදා දිනයේ සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මියගිය ඉරාන වැසියන් ගණන 220 තෙක් ඉහළ ගොස් ඇති බව පැවැසෙයි.
එසේ මියගිය පිරිස අතරේ, කාන්තාවන් සහ කුඩා දරුවන් 70 දෙනකු සිටින බව ද ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉරානය එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 20 කි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකෙ අනෙක් පැත්ත වෙනවනම් ලෝකෙටම සෙතක් නේද .
ඊශ්‍රායල නායකයා මිය ගියත් ඉරාන කාරයින්ට පහරදීම නවත්වන්නේ නැහැ. ඊශ්‍රායල ලෙස රටක් නොමැති වන තුරු පහරදීම කරයි."
ඊශ්‍රායලය ට වැදිච්ච ඒවා දාන්නේ නැත්තේ ඇයි .ඔයාල දන්නවද ඔය මිනීමරු නෙතන්යාහු පැනලා ගිය සිද්ධිය
කුමේනි අත්තප්පා මීයෙක් වගේ බංකරයක් ඇතුලට වෙලා ගැහි ගැහී ඇති. ඒත් රෙද්ද පල්ලෙ පෙරෙන නරිවාදං වල අඩුවක් නෑ. ඊශ්‍රායලයට ජය නියතයි
කුමේනි කාරයත් අනුර ගොයියා වගේ ...කයිය විතරයි
මුන් දෙන්නටම වැඩක් දෙන්න කවුරුත් නැද්ද ?
ඊශ්‍රායලය කොච්චර ඉරානයට ගැහුවත්, ඉරානය යටත් කරගන්න බෑ. ඉරානයේ ගොඩබිම් යුද්ධයක් ඊශ්‍රායලයට ගෙනියන්න බෑ.
ආගමික අන්තවාදී රජයන් සහ රටවල් නැත්තටම නැතිවිය යුතුයි… කුමේනිව ඝාතනය කලොත් ඉරානයට හොදකලක් උදාවෙයි විශේෂයෙන්ම මධ්‍යස්ථ මතධාරී තරුණ තරුණියන්ට…
මස් වැද්දෝ දන්නේ මරනවා කියන වචනය විතරයි
බෙන්ජමින් මැරුවා නම් ගැටුම් ගොඩක් අවසන්...!
ඇත්තටම මේක ඊශ්‍රායලය කරන්නේ වෙනත් අරමුණකින්. ඇයි ඊශ්‍රායලය ළඟම ලෙබනනයේ ඉන්න හිස්බුල්ලා නායකයන්ව ඉලක්ක කරගන්න බැරි? ඇයි පලස්තීනයේ නායකයින් ඉලක්ක කරගන්න බැරි? හැබැයි කිලෝමීටර් බර ගාණක් දුර ඉරාන නායකයන් රොත්ත පිටින් මැරෙන්නේ? ඉරානයේ ඉන්න ජනතාව වගේම සමහරක් නායකයන් මොසාඩ් එකට සම්බන්ධයි. මාත් එක්ක රුසියාවේ ඉගෙන ගත්ත ඉරාන යාලුවා කියන විදියට රටේ බහුතරයක් කැමතිලු හිටපු පර්සියානු රජ පරම්පරාවට බලය දිලා තුර්කිය වගේ නිදහස් රටක් කරනවාට. මේක හරියට ඉන්දියාව යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බ ගමන් කොටින්ට උදව් කරා වගේ. ඉරානය ප්‍රජාතන්ත්‍රවාදී වුණු ගමන් ඊශ්‍රායලය, පලස්තීන, ලෙබනනය අල්ලා ගන්නවා ලෙහෙසියෙන්ම...
ලංකාවේ ඉන්න බයියන් ඊශ්‍රායෙල් කාරයන්ට දෙන එක කවදා නවතයිද දන්නේ නෑ...?
ලංකාවේ ඉන්න අපි රටක් විදියට එක පැත්තක් ගන්න එපා . මිනිස්සු හැටියට මේ කරුම යුද්ධය හෙලා දකිමු . මොවුන් ඔක්කොම මිනීමරුවෝ . මහල්ලෝ තුන්දෙනෙක් එකතු වෙලා අනාගත පරපුරට ලෝකයක් නැති කරනවා. ඔවුන්ට ශාප වේවා!"
ඊශ්‍රායලය කියලා රටක් නෑ. මැදපෙරදිග ඇමරිකාවට තියෙන්නේ ඔක්කොම යුදෙව්වො අරං ගිහින් එහෙ පදිංචි කරන්නේ.
මිනී මරුවා කවුද කියලා මුළු ලෝකයටම පේනවා දැන්...