
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානය, ඇමෙරිකාවට දුන් අභිරහස් ත්‍යාගයක් ලෙස ඉන්ධන ප්‍රවාහන නෞකා 10 කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඉඩ ලබාදුන් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට කැබිනට් මණ්ඩල රැස්වීමකදී අනාවරණය කළේය.
එය ඉරානය ලබාදුන් අභිරහස් ත්‍යාගය බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.
පහරදීම් සිදු වුවද ටෙහෙරානය සමග ඇමෙරිකාව සාකච්ඡා කරන බවද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
පාකිස්තාන ධජය යටතේ යාත්‍රා කරන ඉන්ධන ප්‍රවාහන නෞකා 8 හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට අවසර ලබාදෙන බව සාකච්ඡා අතරතුරදී ඉරානය, ඇමෙරිකාවට ප්‍රකාශ කළ බව ඔහු පැවැසුවේය.
ඉරානය පාකිස්තාන ධජය යටතේ යාත්‍රා කරන ඉන්ධන නෞකා 8 කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඉඩදී තිබෙන බව පුවත් විකාශය අතරතුරදී දැන ගැනීමට හැකිවූ බවත් එය ඉතා මිලෙන් අධික වටිනා තෑග්ගක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd