
(විමුක්ති එස් රුද්‍රිගු )
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් වෙත ඇමෙරිකාව පසුගියදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාකයේ සහ කටාරයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත මිසයිල ප්‍රහාරයක් ඊයේ (23) එල්ල කළේය.
ඉරානය එම මෙහෙයුම "ජයග්‍රහණය ප්‍රකාශ කිරීම" ලෙස නම් කර තිබිණි.
එම මෙහෙයුමේ දී මැද පෙරදිග කලාපයේ ඇමෙරිකාවේ විශාලතම හමුදා කඳවුර වන අල් උබෙයිද් ගුවන් හමුදා කඳවුරටද ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකානු ආරංචි මාර්ග ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ස්කයි සේවයට ප්‍රකාශ කර තිබුණේ ඉරානය අල් උබෙයිද් ගුවන් හමුදා කඳවුරට මිසයිල හයක් එල්ල කර තිබූ බවයි.
අල් උබෙයිද් ගුවන් හමුදා කඳවුරේ ඇමෙරිකානු හමුදා නිලධාරීන් 8000 ක් පමණ සේවය කරන අතර කඳවුරේ කොටසක කටාර රාජකීය ගුවන් හමුදාවේ කඳවුරක්ද තිබේ.
මිසයිල ප්‍රහාරයත් සමඟ පිපිරීම් මාලාවක් හටගත් බව වාර්තා වූ අතර ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් එම මිසයිල සාර්ථකව විනාශ කර දැමුණු බව වාර්තා විය .
ඉරාන මිසයිල ප්‍රහාරය එල්ල වීමට පැය කිහිපයකට පෙර කටාරයේ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල කටාරයේ සිටින සිය වැසියන්ට නැවත දැනුම් දෙන තුරු ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස දැනුම් දීමක්ද සිදු කර තිබිණි.
එම දැනුම් දීමෙන් පැය කිහිපයකට පසුව කටාරයේ ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීමට එරට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කළේය.
අල් උබෙයිද් ඇමරිකානු ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු ලැබීම ඊට හේතුව බව කටාර විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානය ලෝක සිතියමෙන් නැති වෙන්න යනවා වෙන්නත් පුලුවන්!!! අපිටත් උදව්කරපු රටක්, කොමහාම වුනත් ඉරානය ත්‍රස්ථවාදය ලෝකයට උගන්වපු රටක්!