
ඊශ්‍රායලය, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීමට සූදානමින් සිටින නමුත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට එරෙහිවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
ඇමෙරිකන් මාධ්‍ය මේ බව වාර්තා කළේ ඔවුන්ට ලැබුණු විශ්වාසනීය බුද්ධි තොරතුරු අනුව යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිලපාලනය හෝ ඊශ්‍රායලය හෝ කිසිවක් පවසා නැත.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිසිසේත්ම නුවණට හුරු දෙයක් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දුරකතන ඇමතතුමක් දී පැහැදිලි කළ බවත් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදපෙරදිගට සාමය ගෙන එන්න නම්, නෙතන්යාහු කියන මන්ද මානසික රෝගියාව බලයෙන් පහ කළ යුතුයි. තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා හා අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්න කලාපයේ වෙනත් රටවල් වලට පහර දෙමින් නිරන්තරයෙන් රටතුළ යුද මානසිකත්වයක් නිර්මාණය කරන්න මේ මනුස්සයා උත්සාහ කරනවා. හරියට ලංකාවේ රාජපක්ෂ කල්ලිය ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් බලයේ රැඳී සිටින්න උත්සාහ කෙරුවා වගේ !
ඊශ්‍රායලයේ කරන්න නියම වෙලාව බලලා සතුරාගේ හිස් මුදුනින්ම වෙන්කරලා දාන එක, රුසියාව වගේ හතර අතේ ගාගෙන අනාගෙන යුද්ද කරන්නේ නැහැ.
ඇයි දන්නේ නෑ, ට්‍රම්ප් ලොක්කාට ඉරාන කළු කබා කාරයා ගැන මෙච්චර ලව් එකක් ඇති වුනේ? කොහොම වුණත් මිනිහා, මීටර් ගණනක් යට, භූගත බංකරයක, මර බියෙන් ගැහෙමින් හැංගිලා ඇති... පව් අනේ පව් !!!
බළල්ලු මීයෝ ඇල්ලුවාම කරන දේ සිහිවෙනවා...!
මාර විකටයෙක් තමයි මේ මහත්තයා ... මේ වගේ කතා කියන්නේ කටින්ද?