
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන - ඊශ්‍රායල යුද්ධයේ අවසන් කිරීම සඳහා ඉරානය සටන් විරාමය බලාත්මක කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය අද(24) නිවේදනය කළේය.
එසේම ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් එය තහවුරු කළ අතර එම සටහනේ සඳහන්ව තිබුණේ "ඉරාන - ඊශ්‍රායල සටන් විරාම ගිවිසුම ඇරඹුනා, එය උල්ලංඝනය නොකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා" ලෙසය.
දෙරට අතර සටන් විරාම ගිවිසුම අද (24) පෙරවරු 9 සිට ක්‍රියාත්මක බවද ජනපති ට්‍රම්ප් තැබූ සටහනේ සඳහන් විණි.
මීට පෙර ඇමෙරිකා ජනපති ට්‍රම්ප් මීට පෙර සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ඊශ්‍රායලය සහ ඉරානය සම්පූර්ණ සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිය කැමැත්ත ප කළ බවය.
කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුම පිළිබඳව ඊශ්‍රායලය තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.
ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඇතිවූ කෝපය කටාර් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් ඉරානය පිටකර ගත්බව තමන් විශ්වාස කරන බවත් තවදුරටත් ඉරානය ඇමෙරිකාවට ප්‍රහාර එල්ල නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.
කලාපයේ සමගිය සහ සාමය කරා ඉරානයට දැන් ගමන් කළ හැකි බවත් තමන් ඊශ්‍රායලයද ඒ සඳහා දිරිමත් කරන බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවට සාමය උදාවේවා.. යළිත් යුද්ධයක් එපා...
ඇමරිකාවේ දඩ බල්ලව පාලනය කරනු...
ට්‍රම්ප්ටත් තේරෙන්න ඇති ඇමරිකන් හමුදාවේ වැඩ කිඩ ගැන... ඒකයි දඩිබිඩි ගාලා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුවේ...
මේක සඟවා සිටින ඉරාන නයකයින්ව එළියට ගන්න ගහපු උගුලක්, ඊට පස්සේ ඊශ්‍රායලයෙන් ( ට්‍රම්ප් එක්ක එකතුවෙලා ) ඒ ගොල්ලන්ව ටාර්ගට් කරලා මැරුවාම ඇමරිකාව කියයි අපි එම ප්‍රහාරය අනුමත කරන්නේ නැහැ කියලා, එම ප්‍රහාර වලට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා කියලා, එච්චරයි...
මේක හරියට පොඩි එවුන් රණ්ඩු වෙනකොට ලොකු අයියා ඇවිත් යකෙකුට කන රත්වෙන්න ගහලා, සාමයෙන් හිටපල්ලා කිව්වා වගේ දෙයක්. කෙසේ නමුත් යුද්ධ නොකිරීම හොඳයි.