IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉරාන - ඊශ්‍රයාල් යුද්ධයෙන් රටට සිදුවන බලපෑම් සොයන්න

(නිමල කොඩිතුවක්කු)

ජාතික ආරක්ෂක කවුන්සිලය වහාම කැඳවා ඉරාන - ඊශ්‍රයාල් යුද්ධයෙන් රටට සිදුවන බලපෑම් ගැන සොයා බලා විසඳුම් ලබා දෙන්නැයි  - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කළේය.

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ ඉන්ධන  සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්වයක් මතුවිය හැකි බැවින් රටක් ලෙස ප්‍රේක්ෂකයන් ලෙස බලා නොසිටිය යුතුව ඇතැයිද විපක්ෂනායකවරයා පැවසීය.

ඉරාන - ඊශ්‍රයාල් යුද්ධය සම්බන්ධයෙන් කොලඹ විපක්ෂ නායක කාර්්‍යාලයේදී  විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

හදිසි ආර්ථික සැලසුමක අවශ්‍යතාව මේ මොහොතේ ඇති බැවින්  ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සබඳතා වර්ධනය කර ගෙන ජාත්‍යන්තරය සමඟ එකතු වී අභියෝගවලට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය රටේ ආර්ථීක වර්ධනයට බලපාන බැවින්  අයි. එම්. එෆ්. සමඟ උපක්‍රමශීලීව සාකච්ඡා කර ලිහිල් පියවරක් කරා යොමුවන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලීමක්ද කළේය.

සාර්ක් සංවිධානය ඇතුළු ගෝලීය සංවිධාන කේන්ද්‍ර කර ගෙන පවතින යුදමය තත්ත්වය පහළ දැමීමට කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සිදු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.



අදහස් (7)

ඉරාන - ඊශ්‍රයාල් යුද්ධයෙන් රටට සිදුවන බලපෑම් සොයන්න

Jaya Monday, 23 June 2025 05:07 PM

ආරක්ෂක කවුන්සිලය රැස්කරලා ඊශ්‍රායලයට ගහන්නද ගොං සජියෝ.

:       0       1

පිටිගල මිලානෝ Monday, 23 June 2025 05:30 PM

ඔයා කියනකං තමයි අනුර හිටියේ… දැං කැලේ පීරගෙන සොයයි… මතක් කරාට තැන්කූ…!

:       0       1

මහසෙන් Monday, 23 June 2025 05:51 PM

ඔයා ලග ඉන්න ආර්ථික ඔස්තාර්ලා ටික ගෙන්නලා මුලින්ම ඕක දැනගන්න බෑද?

:       0       1

කපුරුහාමි Monday, 23 June 2025 06:10 PM

රජය ඒ ගැන බලයි.තමුන් පක්ෂයේ නායකයා වශයෙන් අසමගි ජනබලවේගයට වෙන්නේ මොනවද කියලා හොයලා බැලුවොත් නරකද?

:       0       1

අරවින්ද මොණරවිල Monday, 23 June 2025 06:32 PM

ගෑස් හා ඉන්ධන මිල ඉහළ යාම ගැන හොයා බලන්න ජාතික ආරක්ෂක කවුන්සිලය කැදවලා මොනවා කරන්නද හලෝ ! කවුද මෙයාට මේ ලණු දෙන්නේ, මැද පෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් රටේ ආර්ථිකයට යම් බලපෑමක් වෙනවා නම් ඒ ගැන හොයා බලන්න ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සිලයක් තියෙනවා. ඒක නියෝජනය කරනවා වර්ථමාන නියෝජ්‍ය මුදල් ඇමති වගේම නව මුදල් අමාත්‍යාංශයේ ලේකම් වැනි ආර්ථික විශේෂඥයන් ඒ නිසා ඔහේ ඔහේ බඃ ගාන්නේ නැතුව ඉන්නවා.

:       0       1

සෙනෙවිරත්න Monday, 23 June 2025 08:06 PM

ඔයා කලබල වෙන්න එපා, ඒව ගැන නෙදෙන්න අය නෙවෙයි රට පාලනය කරන්නෙ. අනික වහපු නැති හොමස් සන්ධියක් ගැන කියනවා. ඒක වහනවා නම් කැමති ඇති,නමුත් ඉරාක ඉරාන යුද්ධයෙදිවත් ඒක වැහුවේ නැහැ. ඒක ඉරානයට විතරක් අයිති එකක් නෙවෙයි. පොර වෙන්න හඬ තැලුවට අන්න ප්‍රාදේශීය සභාවල ගෝලයෝ එක එක විදියට වැඩ කරනවා.

:       0       1

Chathuri Monday, 23 June 2025 08:35 PM

අනේ මෙයා. ජනාදිපතිගේ අණදෙන නිලදාරියද. කට්ටිය කොහොමත් කැමතිනේ ගිනි ඇවිලෙනවට. බලන්නෙ ඒ පහනෙන් දැල්ලෙන් රට පෙරලන්න. මොනවා වුණත් මීහරකෝ ලංකාවට විතරක් නෙමේ. ඒ. අවට රටවල් සේරටම එකම ප්‍රශ්නය. මොනාවා කියලා කරන්නද. දැන් උඹලා කියයි. අපිට රට දුන්නොත්. වහපු ගේට්ටු. අරින්න පුලුවන් කියලද. යුද්දෙන් පස්සෙ හොර නඩේ හොරා කෑවේ නැත්නම් මේ කිසි දේකට බය වෙන්න ඕන නැහැ ජනතාව භාගෙට මැරිලා මීහරක් නඩත්තු කරලා. රටම හිස්වෙලා මුන් හොරාජලා. මේ ඇවිලෙන ගිනි දැල් වලෛන් එන ප්‍රශ්නවලට උඹලා සේරම වග කියන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 514 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site