(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය ඉරානයේ බලශක්ති කර්මාන්තය සහ ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය ඉලක්ක කරමින් පුළුල් ප්‍රහාරමාලාවක් අද(15) එල්ල කළ අතර ඉරානයද ඊට පිළිතුරු ලෙස මාරාන්තික මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරමාලාවක් එල්ල කළේය.
එම ප්‍රහාර මාලාවෙන් ටෙහෙරානයේ පිහිටි මධ්‍යම තෙල් පිරිපහදුවටත්, ගෑස් නිෂ්පාදන ගබඩාවකටත් දැඩිහානි සිදුව ඇති අතර තෙල් පිරිපහදුවේ විශාල ගින්නක්ද හටගෙන ඇත.
එසේම ටෙහෙරානයේ මෙන්ම ඉරානයේ ප්‍රදේශ කීපයක පිපිරීම්ද වාර්තා වී තිබේ. ප්‍රහාරයට පැමිණි ඊශ්‍රායල පස්වෙනි පරම්පරාවේ එෆ්-35 ප්‍රහාරක ජෙට් යානාවක් ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය බිමදමා ඇති බවත් ඒ අනුව මෙතෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ එෆ්-35 නවීන ප්‍රහාරක ජෙට් යානා 3 ක් බිම දමා තිබෙන බවත් ඉරාන බලධාරීහු ප්‍රකාශ කළේය.
මෙතෙක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් ඇතුළු 78 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති අතර 320 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇත.
ඒ සමග ඉරානයද ඊට පිළිතුරුලෙස ඊශ්‍රායලයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවලට මාරාන්තික මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඉන් ටෙල් අවිව් සහ හයිෆා නගරවල ගොඩනැගිලිවලට හානිසිදුව ඇති බව ඉරාන බලධාරීහු ප්‍රකාශ කළේ.
ඉරානය මෙතෙක් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් 10ක් මියගොස් තවත් 200 ක් තුවාල ලබා ඇති බවත් 50කට වැඩි පිරිසක් අතුරුදන්වී ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.
ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානයෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීම සඳහා ඊශ්‍රායලය ආරම්භ කළ රයිසින් ලයන් මෙහෙයුමට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉරානයද මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එය ටෘ ප්‍රොමිස් 3 ලෙස නම් කර ඇත.
ඉරාන
ඊශ්‍රායලය
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉරාන - ඊශ්‍රායල් ගැටුම් තවත් උග්‍ර වේ