
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව, ඉරාන ආරක්ෂක ප්‍රධානී අලී ලරිජානි ඝාතනය කරනු ලැබුවේ ටෙහෙරාන් වැසියන් ලබාදුන් බුද්ධි තොරතුරු ආධාරයෙන් බව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
ලරිජානි ඝාතනය කළ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට පෙර පැය 24 ක කාලයක් ටෙහෙරාන් වැසියන් ලබාදුන් බුද්ධි තොරතුරු ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එකතු කර ඇති බවත් එම තොරතුරු ආධාරයෙන් ඉන් පසුව මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. ප්‍රහාරයෙන් ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි, ඔහුගේ පුත්‍රයා සහ තවත් ලරිජානිගේ සමීපතමයන් පිරිසක් ඝාතනය වී ඇතැයි එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
ටෙහෙරාන් වැසියන් තොරතුරු ලබා නොදුන්නේ නම් ලරිජානි ඝාතනය කිරීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට නොහැකිවන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මෑතකදී ලරිජානි මහජන ස්ථානවල වැඩි වශයෙන් පෙනී සිටීම හේතුවෙන් ටෙහෙරාන් වැසියන්ට ඔහුව පහසුවෙන් හඳුනා ගැනීමට හැකිව තිබෙන බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනාන්තරයක් විනාශ කරන්න...