
(ඉන්දිකා රාමනායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම කතෝලික දේවස්ථාන වල ඉරුදින දිව්‍ය පූජාවන් ඉදිරි ඉරුදින දෙකෙහි යළි දැනුම් දෙනතුරු නොපැවැත්වෙන බව කොළඹ අගරදගුරු පදවිය නිවේදයක් නිකුත් තරමින් සඳහන් කරයි.
දිනපතා දිව්‍ය පූජා, විවාහ පූජා, අවමංගල්‍ය මෙහෙයන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය මත 50 දෙනෙකුට සීමා කරන ලෙසට ද එම නිවේදනයේ සඳහන් වේ.
අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැම්ලස් ප්‍රනාන්දු පියතුමා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබිණි.
අගරගුරු පදවියේ සෙසු දිස්ත්‍රික්ක වන කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක වලට අයත් කතෝලික දෙව්මැදුරුවල දිව්‍ය පූජා මෙහෙයන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ නියමයන්ට එකඟව අත් සේදීම, මුඛ ආවරණ භාවිතය, මීටරයක දුරස්ථභාවය යන උපරිම ආරක්ෂික ක්‍රම අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.
එසේම යළි දැනුම් දෙනතුරු අගරදගුරු පදවියේ සියලුම කතෝලික පාසල්, පෞද්ගලික පාසල්, දහම් පාසල් යළිත් දැනුම් දෙනතුරු නොපැවැත්විය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එම නිවේදනය පහතින් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු එපා කිව්වත් අපි දේව මෙහෙයට යනවා. ඒක අපේ අයිතිය.
බුද්ධිමත් ආගමික නායකයින් සිය අනුගාමිකයන්ට එසේ උපදෙස් දෙන විට මන්ධබුද්ධික අන්ධ ආගමිකයින් අයිතිවාසිකම් ගැන කතාකරති...
ඔය දේව මෙහෙයවල් අපරාදේ.. විදුලිය පුච්චන්නේ නැතිව ගහක් යටට ගිහින් කරන්න බැරිද? දෙවිවරුන් කැලෑවල ගස්වලට වඩම්මවා ගන්න. බුදුදහමෙත් දේශනා කරලා තියෙන්නේ ‘රුක්ඛ මූල ගතෝවා‘ කියලා. ඒ කියන්නේ ගහක් යට...
ඇයි දෙවියන්ට බැරි තමන්ව අදහන අන්ධ භක්තිකයින්වවත් කොරෝනාවලින් ආරක්ෂා කරගන්න...? ආගම් නැමැති මිථ්‍යාව හා එයින් මිනිස්සුන්ව මුදවාගැනීමට හොඳම කාලය මෙයයි.
බුද්ධිමත් සහ විවෘත මනසක් ඇති අයගේ තීරණයක්...