
(විමුක්ති රුද්‍රිගු)
පාකිස්තානයේ ගුජ්රන්වාලා හි පැවැති රැලියකට සහභාගිවෙමින් සිටියදී සිදුවූ වෙඩිතැබීමකින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී ඇතැයි තාරික් ඊ.ඉන්සාෆ් පක්ෂය අල්ජසීරා පුවත් සේවයට තහවුරු කර තිබේ.
පාදයට වෙඩි වැදීම හේතුවෙන් ලාහෝර් නගරයේ පිහිටි රෝහලක් වෙත ඉම්රාන් ඛාන් රැගෙන ගොස් ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව තාරික් ඊ. ඉන්සාෆ් පක්ෂය තහවුරු කර ඇත.
පාකිස්තාන පොලිසිය වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එම සැකකරු ඉම්රාන් ඛාන් ජනතාව නොමග යැවීම හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමට පැමිණි බව පාපොච්චාරණය කර තිබේ.
ඉම්රාන් ඛාන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයේදී සෙනෙට් සභාවේ සාමාජික ෆයිසාල් ජාවෙඩ්ගේ මුහුණේ ගෑවීගෙන උණ්ඩයක් ගමන් කර ඇති අතර තවත් පක්ෂ සාමාජිකයෙක් වෙඩි වැදීමෙන් මිය ගිය බව පාකිස්තාන මාධ්‍ය පැවසුවේය.
ඉම්රාන් ඛාන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දාම් බග්චි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.එසේම පකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් ද ඉම්රාන් ඛාන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දැක තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. දේශපාලනය කුමක් වුවත් ලංකාවේ අපට ඉතින් හිතවත් මනුස්සයෙක්.
මේ වගේ පුද්ගලයෝ ලංකාවෙත් බිහිවේවා කියා පතමි.
පිත්තල හන්දියේද?
ඉම්රාන් ඛාන් මහත්මයා බමුණුආරච්චි අලි භූතෝට සිදුවූ දෙය ඔඅබටත් සිද්දවීමට හැකි බව බොහොම ඉස්සර කීවා. අපේ ගොබ්බ සිංහලයින් නිසා සිංහල ජාතියටත් හමබ්යින්ගෙන් ඔය දේම සිද්ද වෙනවා ෂුවර්.
Bamunuarachchi නමින් කමෙන්ට්ස් කරන පුද්ගලයා දැඩි මානසික රෝගියෙක් බවට නම් පැහැදිලියි.
ඒ වෙඩික්කරුට මෙහෙ එන්න කියන්න බැරිද?