(සුමිත් ප්‍රේමතිලක)

ඩුබායි රාජ්‍යයේ සැගව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක "මාලවෙල ඉන්දික" නැමැත්තාගේ මෙරට ජාවාරම සිදුකරන "ඌරගහ චූටි බේබි" නැමැත්තිය අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි .

ඇල්පිටිය,ඌරගස්මං හන්දිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකාර කාන්තාව ඉමෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් ජාවාරම සිදුකර ඇති අතර , ඇයට එරෙහිව මහාධිකරණ නඩු හතරක් පවතින බවද පොලිසිය කීය .

සංචාරක හෝටල්වල කාමර කුලියට ගෙන රැඳී සිටිමින් ජාවාරම සිදුකරන සැකකාර කාන්තාව, අලුත්ගම , මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකට යමින් සිටියදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 12 යි මිලිග්රැම් 650 ක් සමගින් අත්අඩංගුවට ගෙන ජාවාරම සදහා යොදාගත් නවීන ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකාරිය අලුත්ගම පොලිසියට බාරදි ඇති අතර , කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .