
(ඒ. ඒ. පේමසිරි)
වි අස්වනු නෙලා ගැනීමෙන් පසු ඉතිරි වන ඉපැනැල්ලේ පිදුරු රැහැනට ගිනි තැබූ තිස්සමහාරාම ගඟසිරිගම ප්රදේශයේ ගොවියකු එම පිදුරු රැහැනේ ගින්නට වැටි බරපතල ලෙස පිලිස්සීමකට ලක්ව මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස ගින්නට හසුව මිය ගිය තම ස්වාමී පුරුෂයා බේරා ගැනීමට ගින්නට පැන්න බිරිඳ ද බරපතල ලෙස පිලිස්සීමට ලක්ව තිස්සමහාරාම දෙබරවැව මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම ගෝනගමුව,ගඟසිරිගම, පදිංචිව සිටි කේ. එච්. දයානන්ද නැමැති 64 හැවිරිදි තිදරු පියෙකි.
මියගිය අයගේ මළ සිරුර තිස්සමහාරාම දෙබරවැව මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, එම මළ සිරුර පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd