
(යොහාන් භාසුර)
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් රටතුළ ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයට මැදිහත්ව ගැටලුව හැකි ඉක්මණින් විසදා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන බවත් ගැටලුව විසදීමට නිලධාරී මට්ටමින් සාකච්ඡා කළ ද විසඳුමක් නොලැබුණු බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්‍ෂ මහතා අද (14) පැවසීය.
කුමාර රාජපක්‍ෂ මහතා කොළඹදී අද (14) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
වර්තමාන ඉන්ධන මිලට ඉන්ධන අළෙවි කළහොත් පාඩුවන්නේ යැයි පවසමින් ආර්.එම්. පාර්ක්, සයිනොපෙක් සහ එල්.අයි.ඕ.සී. යන ආයතන ඉන්ධන නිකුත් කිරීම දැඩි ලෙස සීමාකර ඇති බවත් පාඩුව අවම කරගැනීමේ පියවරක් ලෙස එම සමාගම් මෙසේ ඉන්ධන නිකුත් කිරීම සීමාකර ඇති බවත් ඒ මහතා කීය.
පෞද්ගලික සමාගම් එසේ සැපයුම සීමාකර තිබියදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඛණ්ඩව සීමාවකින් තොරව ඉන්ධන බෙදාහැරීම නිසා මහජනතාවට යම්කිසි සහනයක් ලැබෙන බව කී ඒ මහතා උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළුව ඇතැම් ප්‍රදේශවල විදේශ සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් පමණක් පැවතීම හේතුවෙන් ජනතාවට බලපෑමක් කර ඇති බව ද සඳහන් කළේය.
පසුගිය රජය සමයේ ඉන්ධන හිඟයක් ඇතිවූ අවස්ථාවෙන් පසුව ඉන්ධන අඛණ්ඩව බෙදාහැරීමේ පොරොන්දුව ඇතිව ලෝකයේ ප්‍රබලම ඉන්ධන සපයන සමාගම් මෙරටට පැමිණි බවත් එම සමාගම්වලට තරගකාරී මිලට ඉන්ධන අළෙවි කිරීමට අවස්ථාව දෙන්නේ යැයි රජය ප්‍රකාශ කළ අතර නමුත් එම සමාගම් මෙරට ව්‍යාපාරය ආරම්භ කළ පසු රජයේ මිලට ඉන්ධන අළෙවි කිරීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.
තවද ඔවුන්ගේ ඉන්ධන මිලට වඩා අඩු මිලකට ඉන්ධන අළෙවි කිරීමට සිදුවුවහොත් එම පාඩුව රජය ගෙවන්නේ යැයි පොරොන්නදු වූයේ යැයි එම සමාගම් පවසන බවත් මෙම තත්වය හේතුවෙන් මහජනතාව පමණක් නොව ඉන්ධන පිරවුම් හල් හිමියන්ද ද පීඩාවට පත්ව ඇති බවත් රාජපජෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd