(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා අතර සුවිශේෂ හමුවක්  කොළඹ දී සිදුවිය.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන හා බහුවිධ සබඳතා ව මෙන් ම දෙරටේ ම අන්‍යෝන්‍ය යහපත උදෙසා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳ ව අවධානය යොමු විය.

දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික හා ජනතාව අතර පවතින සබඳතා පිළිබඳ ව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප, ධනාත්මක සහ නිරන්තර සබඳතාවක් පවත්වා ගෙන යාමේ වැදගත්කම මෙහි දී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළේය.

එමෙන් ම, ඉන්දියානු සාගර කලාපයේ පවතින සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා වන සහයෝගීතාව ඇතුළු ව, කලාපීය වර්ධනයන් සහ දෙරටට ම පොදු වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව ද නායකයන් දෙපළ අතර අදහස් රැසක් හුවමාරු විය.