IMG-LOGO

’’ඉන්නවද මළාද කියල සොයා නොබලපු ආණ්ඩුව සහය ඉල්ලීම විහිළුවක්’’

(සුජිත් හේවාජුලිගේ )

මෙපමණ කාලයක් ඉන්නවාද මැරුණාද කියලා සොයා   නොබලපු  ආණ්ඩුව අද විපක්ෂයේ සහය ඉල්ලීම මේ රටේ ලොකුම ලොකු විහිලුව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

රාජපක්ෂවරුන් ආණ්ඩුවෙන් වහා ඉවත් විය යුතු බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මැතිවරණයක් පවත්වා තමන්ට කැමති  පාලනයක් ඇති කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දිය  යුතු බවද පැවසුවේය.

රට පාලනය කිරීමට නොහැකි නම් දාලා යන්නැයි  ආණ්ඩුවෙන් ඉල්ලීම් කරන බවද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව පසුගිය වසර දෙකේදී රට පාලනය කළේ තනිකරම  හිතුවක්කාරි ලෙස  යැයි  පැවසූ කිරිඇල්ල මහතා  විපක්ෂයේ හඬට ආණ්ඩුව කිසිවිටකත්  සවන් නොදුන් බවද ප්‍රකාශ කළේය.

එසේම රටේ ප්‍රශ්න ගැන  විපක්ෂය  සමග සාකච්ඡා නොකළ  බවටද ඔහු චෝදනා කළේය.

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවූ ආංශික අධීක්ෂණ කාරක සභා  මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු හිතුවක්කාරී ලෙස අහෝසි කළ බවත්  එම කමිටු නැවත ස්ථාපිත කරන්නැයි කරන ලද ඉල්ලීම්ද   ආණ්ඩුව ගණන් නොගත් බවත් ඔහු පැවසුවේය.

විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් බවද ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා පැවසීය.

ආණ්ඩුව ජනතාවගේ බොහෝ  ඉල්ලීම්වලට ඇහුම්කන් නොදුන් බවට චෝදනා කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා රජයට  අද මේ ඉරණම අත්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙස බවද ප්‍රකාශ කළේය.



අදහස් (2)

’’ඉන්නවද මළාද කියල සොයා නොබලපු ආණ්ඩුව සහය ඉල්ලීම විහිළුවක්’’

කිරි පුතා Monday, 04 April 2022 08:31 PM

බලය නැති කොට ඒක ඉල්ලනවා. දෙන්න හදනකොට වංගු දානවා. මොකද කවුරු ආවත් මේ ප්‍රශ්න කාලයක් යනකම් විසඳාගත නොහැකිවග දන්නවා.

:       0       0

ලක්මාල් Monday, 04 April 2022 09:03 PM

මිනිස්සු පාරට බැස්සේ රාජපක්ෂවරුන්ට එරෙහිව විතරක් නෙමෙයි. අපේ රට ගැන කැක්කුමක් නැති ඔයාලා වගේ අයටත් එක්ක තමයි මේ ගෙදර යන්න කියන්නේ. බලයේ හිටපු මේ ප්‍රධාන පක්ෂ වලින් සල්ලි ගසා කාපු ඒවා ඔක්කොම හොයලා ඒ සල්ලි, දේපළ රාජසන්තක කරන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site