ඩිසල් නොලැබිමට විරෝධය රට පුරා තැන් තැන්වල පිරිස් මාර්ග හරස් කරමින් විරොධතා පැවැත්වුහ.

පුත්තලම - කොළඹ මාර්ගය හරස් කර පිරිසක් විරෝධතාවයක නිරත වු බව මදුරන්කුලිය පොලිසිය කියයි.

මෙම විරෝධතාකරුවන් පවසන්නේ පසුගිය 18 දින සිට මදුරන්කුලිය සමුපකාර ඉන්ධන පිරවුම් හල ඇතුළු අනිකුත් ඉන්ධන හල් වෙත ඩිසල් නොලැබුන බවයි.

හොරණ කුලුපන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හල රාත්‍රි 10 වසා දැමීමට හිමිකරුවන් පියවර ගැනීමත් සමගම බස්රථ රියදුරන් සිය බස්රථ පානදුර රත්නපුර මාර්ගයේ හරස් කර මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක දැක්වූහ

ඉන්ධන පිරවුම් හල වෙත ලැබී ඇති අතර රාත්‍රී දහයට සුපුරුදු ලෙස වසා තැබීමට පියවර ගැනීමත් සමගම මෙම තත්ත්වය හටගෙන ඇත

පල්ලෙවෙල ඉන්ධන පිරවුම් හල අසල පුරා සතියක් තිස්සේ ඩීසල් ලබා ගැනීමට රැඳී සිටි වාහන රියදුරෝ මාර්ගය හරස් කර වාහන නවතා විරෝධතාවයක් ආරම්භ කළහ.

මෙම රියදුරු පිරිස දහවල් කාලයේද විරෝධතාවක යෙදීමට සූදානම් වූ අවස්ථාවේ පස්වරු දෙකට ඉන්ධන බවුසරයක් ලබාදෙන බවට ලැබුණු පොරොන්දුව මත රැඳී බලා සිටියත් එම පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් ඉන්ධන පිරවුම් හල දෙපස මග තැනින් තැන සිය වාහන හරස් කර නවතා මෙම උද්ඝෝෂණය ආරම්භ කරනු ලැබීය.

මේ හේතුවෙන් කල්ලෙලිය මැදගම්පිටිය මාර්ගයේ පල්ලෙවෙල හා කල්එලිය අතර වාහන ගමනාගමනය ඇනහිටියේය.

(හිරාන් ප්‍රියංකර,බිමල් ශ්‍යාමන් සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)