
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල මඩපාත ඉන්ධන පිරවුම්හලක අසලදී පොලිස් නිලධාරියකුට තියුණු ආයුධයකින් පහර දීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
සැකකරු සමඟ තියුණු ආයුධය ද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඉන්ධන ලබා දීමට නියමිත වාහනේ ලියාපදිංචිය අංකයේ අවසාන අංකයට පරිබාහිරව වෙනත් අංකයක් සහිත කුඩා ලොරි රථයකින් පැමිණ ඉන්ධන ලබා ගැනීමට උත්සාහ දැරීමේදී පොලිස් නිලධාරියා එය ට ඉඩ නොදීම සම්බන්ධයෙන් උරණ වී පොලිස් නිලධාරියාට බැණවැදී සැකකරු එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව යතුරු පැදියකින් තියුණු ආයුධයක් රැගෙන පැමිණ තිබූ සැකකරු පොලිස් නිලධාරීයාට එයින් පහර දීමට උත්සාහ දරා ඇති බව ඉන්ධනහලේ සවිකර තිබෙන සීසීටීවී කැමරාවේ ද සටහන් වෙයි.
අනතුරුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කහපොල ප්‍රදේශයේ පදිංචි මෙට්ට නිෂ්පාදනය කරන පුද්ගලයකු වන අතර මෙට්ට කැපීමට යොදා ගන්නා තියුණු ආයුධයක් පොලිස් නිලධාරියාට පහරදීම සඳහා යොදාගෙන තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරහට මේ වගේ කතා තමයි අහන්න වෙන්නේ... මේවට පාලකයෝ වගේම පොලීසියත් වගකියන්න ඕනෑ. අයථා ලෙස මිනිස්සුන්ට ඉන්ධන ගණන් දීලා දැන් අග්‍රඵලය ලැබෙන්න අරන් වගේ...