(යොහාන් භාසුර)

අද දින විදුලි කප්පාදුව පැය තුනයි විනාඩි 30ක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වීම නිසා මෙම අඩුකිරීම කළ බවත් එසේ නොවුණේ නම් පැය හතරයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබූ බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය.