
(යොහාන් භාසුර)
ඉන්ධන මිලේ විශාල ඉහළ යෑමක් හෝ ඉන්ධන හිඟයක් මෑතකදී කිසිසේත්ම ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ‘ලංකාදීප’යට අද (23) පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව සතුව මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් අගෝස්තු මස දක්වා ඉන්ධන ඇනවුම් කර, දෙසැම්බර් අවසානය දක්වා ඉන්ධන ටෙන්ඩර් කැඳවීමට සූදානම් කර ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා කීය.
මැදපෙරදිග කළාපයේ යුදමය තත්වය දරුණු අතට හැරුණු හොත් එය සමස්ත ලෝකයටම බලපෑමක් ඇති කරන නිසා ශ්‍රී ලංකාවට ද එයින් ගැලවීමට නොහැකි බව කී නෙත්තිකුමාරගේ මහතා එසේ නොමැතිව යුදමය තත්වය පහව ගියහොත් ගැටලුවක් නොවන බව ද සඳහන් කළේය.
වර්තමාන තත්වය යටතේ ජනතාව අනියත බියක් ඇතිනොකරගත යුතු බවත් ලෝක ප්‍රවණතා අනුව කටයුතු කිරීමට වර්තමාන ආණ්ඩුව සූදානමින් සිටින බවත් ඒ මහතා කීය.
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණ්‍ය කිරිමේදී පසුගිය මස මිල පාදකකරගැනීම නිසා ඉදිරි දිනවලදී ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යෑමේ කිසිඳු අවස්ථාවක් නොමැති බබත් ඉන්දණ මිල රුපියලකින්, දෙකකින් ඉහළ යෑම සාමාන්‍ය තත්වය බවත් නෙත්තිකුමාරගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි එහෙම නම් ඔබතුමාට සහතිකයක් දෙන්න පුලුවන්ද අගෝස්තු මාසේ අවසන් වෙනකම් තෙල් මිල ඉහළ දමන්නේ නැහැ කියල ?
කංචනගේ QR කෝඩ් ක්‍රමයට ආපහු යන්න වෙයි. නැත්නම් පුනරුදය බූලිවලට දාලා හංගයි. එතකොට පැලවත්තේ ඩෝබිලාට අපුල්ලන්න වෙන්නේ තෙල් පෝලිම්වල තපින ගමන් තමයි.
ඕවා ඔහොම කියන්නේ එපා මහත්තයෝ, බයි සංසදය කෝම වාවන්නද ?
ත්‍රිකුණාමලයෙ තෙල් ටැංකි සුද්ද කරලා ලෝකෙටම තෙල් දෙන්න කතාකරා වගේ මතකයි. ඇවිල්ලත් අවුරුද්දකට කිට්ටුයි තාම ටැංකි ටික සුද්ද කරගන්න බැරි වුණා.