IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන මිලේ විශාල ඉහළ යෑමක් නෑ

(යොහාන් භාසුර)

ඉන්ධන මිලේ විශාල ඉහළ යෑමක් හෝ ඉන්ධන හිඟයක් මෑතකදී කිසිසේත්ම ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ‘ලංකාදීප’යට අද (23) පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව සතුව මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් අගෝස්තු මස දක්වා ඉන්ධන ඇනවුම් කර, දෙසැම්බර් අවසානය දක්වා ඉන්ධන ටෙන්ඩර් කැඳවීමට සූදානම් කර ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා කීය.

මැදපෙරදිග කළාපයේ යුදමය තත්වය දරුණු අතට හැරුණු හොත් එය සමස්ත ලෝකයටම බලපෑමක් ඇති කරන නිසා ශ්‍රී ලංකාවට ද එයින් ගැලවීමට නොහැකි බව කී නෙත්තිකුමාරගේ මහතා එසේ නොමැතිව යුදමය තත්වය පහව ගියහොත් ගැටලුවක් නොවන බව ද සඳහන් කළේය.

වර්තමාන තත්වය යටතේ ජනතාව අනියත බියක් ඇතිනොකරගත යුතු බවත් ලෝක ප්‍රවණතා අනුව කටයුතු කිරීමට වර්තමාන ආණ්ඩුව සූදානමින් සිටින බවත් ඒ මහතා කීය.

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණ්‍ය කිරිමේදී පසුගිය මස මිල පාදකකරගැනීම නිසා ඉදිරි දිනවලදී ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යෑමේ කිසිඳු අවස්ථාවක් නොමැති බබත් ඉන්දණ මිල රුපියලකින්, දෙකකින් ඉහළ යෑම සාමාන්‍ය තත්වය බවත් නෙත්තිකුමාරගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (4)

ඉන්ධන මිලේ විශාල ඉහළ යෑමක් නෑ

de silva Monday, 23 June 2025 04:57 PM

හරි එහෙම නම් ඔබතුමාට සහතිකයක් දෙන්න පුලුවන්ද අගෝස්තු මාසේ අවසන් වෙනකම් තෙල් මිල ඉහළ දමන්නේ නැහැ කියල ?

:       0       1

යෝගා Monday, 23 June 2025 05:28 PM

කංචනගේ QR කෝඩ් ක්‍රමයට ආපහු යන්න වෙයි. නැත්නම් පුනරුදය බූලිවලට දාලා හංගයි. එතකොට පැලවත්තේ ඩෝබිලාට අපුල්ලන්න වෙන්නේ තෙල් පෝලිම්වල තපින ගමන් තමයි.

:       1       1

අරවින්ද මොණරවිල Monday, 23 June 2025 06:39 PM

ඕවා ඔහොම කියන්නේ එපා මහත්තයෝ, බයි සංසදය කෝම වාවන්නද ?

:       1       1

ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Monday, 23 June 2025 10:38 PM

ත්‍රිකුණාමලයෙ තෙල් ටැංකි සුද්ද කරලා ලෝකෙටම තෙල් දෙන්න කතාකරා වගේ මතකයි. ඇවිල්ලත් අවුරුද්දකට කිට්ටුයි තාම ටැංකි ටික සුද්ද කරගන්න බැරි වුණා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 168 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 371 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site