(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 43 ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 28 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 60 ක් මේ වන විට පාඩු ලබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලි සේවක සංගමයේ සභාපති (ඛනිජ තෙල් ශාඛාව) බන්දුල සමන් කුමාර මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලනය මොනයම් හෝ ක්‍රමයකට බහු ජාතික සමාගමක් අතට පත්වුවහොත් ඩීසල් ලීටරයක් 250 කට සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 275 කට දක්වා ඉහළ යන බව කී බන්දුල සමන් කුමාර මහතා ඉන්ධන මිල ඉහළ දමා හෝ පිරිපහදුව ක්‍රියාත්මක කරමින් පවත්වාගෙන යා යුතු බව ද සඳහන් කළේය.
ඉන්දිය ඔයිල් සමාගම (අයි.ඕ.සී) පාඩු ලබන ඉන්ධනවලින් ඉවත්ව ලාභ ලබන ව්‍යාපාරයක් පමණක් කරන බවත් රාජ්‍ය ආයතනයක් හැටියට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජාතික අවශ්‍යතාව ඉටු කළ යුතු බවත් බන්දුල සමන් කුමාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සජිත්ල කට්ටිය ඕකට විරුද්ධවෙයි නේද?
ඔබේ ගැටලුව කුමක්ද? රජයට අඩු මිලට පෙට්‍රල් සහ ඩීසල් පිටතින් ගෙන ඒමට හැකි නම් පිරිපහදුව ගෙනැවිත් වසා දමන්න. එසේ නොමැතිනම් ඔබ එය ලාභදායී කරයි.
අනේ ඔව්, ඔබ තුමාලා කියනවා නම් දේශප්‍රේමී අපිට මිල තව දෙගුණයකින් වැඩි උනත් කමක් නැහැ. කොහොමත් ඉතින් කිසිදා වගතුවක් නැති ආයතන හා සේවකයින්ටත් මිල තව දහ ගුනෙකින් වැඩි කලත් ඔච්චරම තමයි. වගතුවක් වෙන්න එපා කවදාවත්! ඉන්දියන් තෙල් කම්පැනියට තව තවත් ලාභ ලැබේවායි පතන අතර එවැනි පෞද්ගලික තෙල් කම්පැනි බහුලව මේ රටේ ස්ථාපිත වේවා යයි පතමි.
හොර OT ගන්න සෙට් එකයි. වැඩක් නැතිව පින්බත් ගිලින සෙට් එකයි ,දේශපාලකන්ට ගොට්ට අල්ලලා ආපු සෙට් එකයි ගෙදර තියල .ඕකේ පෙට්‍රල් ලීටරයක් හදන්න වියදම් වෙන පිරිවැය අඩු කරගන්න. රජය කියන හැටියට පිරිපහදු කල තෙල් ගන්න එක ලාභ පිරිපහදු කරන තැන් වල තියෙන ආකාර්යක්ෂම තාව . බොර තෙල් පිරිපහදුවෙන් සිංගප්පුරුව ලාභ ලබනකොට අපිට පාඩු වෙන්න බැහැනේ. එතකොට ලේසියි.
ලාබ ලැබිය හැකි රාජ්‍ය ආයතනයක් දේශපාලුවෝයි , වැඩකරන උනුයි විනාසෙට ගෙනයන ආකාරය . සියලු රජයන් ඕනෑවටත් වඩා තමන්ගේ දේසපාලන උදව් කරුවන්ගෙන් මේ ආයතන පුරවල පුරවල දැන් මේවට දරාගන්න බැ . මේ ආයතන වලට ගොඩ යාමක් නැ . මොන ආණ්ඩුව ආවත් මේවා විනාශකරගෙන මේවගේ ඇතුලෙම ඉන්න ඉහල ඉදල පහලටම ඉන්න සේවකයෝ මේවා විනාශ කරනවා
හා හා කට්ටිය බය වෙලා වගේ ගසා කන්න නැති වෙයි කියලා. ඔච්චර හොඳට කරානම් කොහොමද පාඩු උනේ.
ආණ්ඩුවේ කටු කන අයගේ සංගමයක්