
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගනන් වලට අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50 කින් පමණ අඩු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ජනතාව දැඩි අසීරු තත්ත්වයක සිටින අවස්ථාවකදී මෙම ඉන්ධන සහනය ජනතාවට ලබාදීමට හැකිව තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඉන්ධන මිල සූත්‍රය අනුව කටයුතු කරන බවට ආණ්ඩුව පැවැසුවත් බදු ගෙවූ පසු ඉන්ධන ලීටරයකින් රුපියල් 50ක පමණ ලාභයක් මේ වනවිට ආණ්ඩුවට හිමිවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මිල සූත්‍රය සම්බන්ධයෙන් නෛතික තත්වයක් නොමැති නිසා ආණ්ඩුවට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විය හැකි බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන විදිහකට කිව්වොත් ත්‍රිරෝද රථ රියදුරෙකු ටැංකිය පිරෙන්න ඉන්ධන ලබාගත්තොත් එක වෙලාවකට පමණක් පාන් ගෙඩියක් ගත හැකිය...
කරුමේ කියන්නේ වැඩබැරි ආණ්ඩුව සහ රනිල් රාජපක්ෂ එකතුවෙලා රට තවත් බංකොළොත් කරන්නයි යන්නේ...!
ඔක්කොගේම සද්දේ විපක්ෂයේ ඉන්නකන් විතරයි. ආණ්ඩු කරන්න ගියාම වෙනම බයිලා එකක්...!
ශ්රී ලංකාව කලින් කලට පාලනය කළ සහ ඊට සම්බන්ධවූවන්ගේ වැරැදි නිසා... අද වනවිට රටේ ජනතාව දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇත...!
ඔබට කරන්න පුළුවන් දේවල්, මේ අසීරු අවස්ථාවේ, රජයට එක්වෙලා සහයෝගය දෙන්නේ නැත්තේ ඇයි? මහජනතාව හාමතේ නේද? මේ වෙලේ කොකු ඇදඇද ඉන්නේ නැතුව ජනතාවට සේවයක් කරන්නකෝ. දැනටමත් ඇරයුම් ලැබිලනේ තියෙන්නේ....
ඉන්ධන මිල රුපියල් 50කට අඩුකළා කියලා අනිකුත් භාණ්ඩ මිල අඩුවෙන්නේ නැහැ. රු 50 මිල අඩු කළොත් වාසි වෙන්නේ වාහන හිමියන්ට. රු 50 අඩුකිරීමෙන් නැතිවෙන ආදායම සොයන්න රජය තවත් අනම්‍ය භාණ්ඩ එකක හෝ කීපයක මිල වැඩි කරන්න සිද්ද වෙනවා. එතකොට ඒ මුදල රටේ සෑම කෙනෙක්ම ගෙවිය යුතුයි. වාහන හිමියන්ට ලාබ කරන්න ගිහිල්ලා රටටම බදු ගහන්නේ නැතුව රු 50 අඩු නොකර ඉන්න. මටත් වාහන කීපයක් තිබෙනවා හයර් දුවන ඒවා නොවෙයි. නමුත් රු. 50 අඩුවේ වාසිය හොයන්නේ නැහැ...
රජයේ සේවකයින් හිඟන්නන් වුණා.
මෝඩයන් කෙසේ කීවත් රු.50 කින් අඩු කලහැකි නම් කරන්න. බහුතරයක් දෙනා තෙල් පාවිච්චි කරන්නෙ එදිනෙදා ජීවිතයේ වැඩ කරන්න මිස ට්‍රිප් යන්න නොවන බව සම හරක් නොදන්න බව පෙන්නුම් කරනවා.