IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉන්ධන බවුසර්වලින් ඉන්ධන ඇද හොරට විකුණලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට රැගෙන එන ඉන්ධන පිරවු බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්‍ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැක කරන ඉන්ධන බවුසර් රථ දෙකක රියදුරන් දෙදෙනෙකු , සාහයකයන් දෙදෙනෙකු ඇතුළු ඉන්ධන මිලදී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

පෙට්‍රල් ඉන්ධන ලීටර් 70 ක් සහ ඩීසල් ලීටර් ඉන්ධන 80ක් සහිත ප්ලාස්ටික් බුලි 7 ක් සමග සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල මෛත්‍රී මාවතේදී බව පොලිසිය සඳහන් කරයි.

බණ්ඩාරගම පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එස් ශාන්ත මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයේ වටලන අවස්ථාවේදී ඉන්ධන බවුසරය නවතා තිබූ ස්ථානයේ ද ඉන්ධන බිම වැගිරි තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (2)

ඉන්ධන බවුසර්වලින් ඉන්ධන ඇද හොරට විකුණලා

Lalla Saturday, 28 December 2024 03:01 PM

සීල් කළ බවුසරයෙන් කොහොමද ඉන්ධන ගන්නේ. හොර සීල් හදලා?

:       0       13

PereraSaturday, 28 December 2024 06:10 PM

හොර ඔප්පු, පාස්පෝට්, ලයිසන් එහෙම හදන රටේ මේවට හොර සීල් හදන එක කජ්ජක්ද හලෝ...?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site