ඉන්ධන අලෙවියෙන් ලැබෙන බදු ආදායමෙන් කොටසක් මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදෙන්නැයි යෝජනා කරමින් මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කර ඇත.
පෙට්‍රල් සහ ඉන්ධන අලෙවියෙන් ලබන ආදායම රටේ මාර්ග පද්ධතිය නඩත්තු- කිරීමට යොදා ගැනීමේ අරමුණ ඇතිව එම පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බව ද වාර්තා වේ.
මේ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකින් සත 50 බැගින් වන මුදලක් මාර්ග කළමනාකරණ භාරයට ලබා දෙන්නැයිද එම කැබිනට් මණ්ඩල යෝජනාවෙන් ඉල්ලා ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියට සහ පළාත් පාලන ආයතනවලට අයත් මාර්ග නඩත්තු කිරීමට යොදා ගැනෙන්නේ මාර්ග කළමනාකරණ භාරයේ ප්‍රතිපාදන වන අතර මාර්ග සංවර්ධන අධිකාරිය වසරකට ප්‍රාග්ධන වියදම් සඳහා පමණක් රුපියල් බිලියන 300ක් ඉල්ලා සිටියද ලැබෙන්නේ ඉන් අඩක මුදලක් පමණකැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය. ඒ නිසා වසර අවසානයේදී මාර්ග සංවර්ධන ව්‍යාපෘති නිම කිරීමට වෙනත් අමාත්‍යාංශවලින් මුදල් ඉල්ලීමට සිදු වී ඇතැයි ද එම නිලධාරියා කීවේය.
අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුවහොත් මාර්ග සංවර්ධන අධිකාරියට වසරකට රුපියල් බිලියන 50ක අමතර මුදලක් ලැබෙන බවත් එම මුදල මාර්ග නඩත්තු කිරීමට යොදා ගත හැකි බවත් ඔහු කීය.
මහාමාර්ග සහ ඛනිජ තෙල් සම්පත් යනුවෙන් අමාත්‍යාංශ දෙකක් පවතින විට දී මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත්ව තිබේ. එහෙත් ඊට අනුමැතිය ලබා දීම ප්‍රමා ද වී ඇත.
වර්තමානයේදී මහාමාර්ග සහ ඛනිජ තෙල් සම්පත් යන විෂය දෙකම එකම අමාත්‍යාංශයක් යටතේ පවතින් බැවින් අදාළ යෝජනාව ක්‍රියාවට නැංවීම පහසු වනු ඇතැයි ද එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් කීය.
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂබෙදයකින් තොරව, මෙය සාමාන්‍යයෙන් ලෝකයේ අනිකුත් බොහෝ රටවල කෙරෙන ක්‍රියාවලියකි. පාරවල් නඩත්තුවෙන් වාහනවල කාර්යක්ෂමතාව, ඉන්දන පිරිමැසිම හා නඩත්තු වියහියදම් අඩුවේ.
සත්‍ය වශයෙන්ම මහා මාර්ග නඩත්තුව සඳහා වැඩිපුර මුදල් ලබා දිය යුතුයි. දේශපාලකයන්ගේ වියහියදම් පාලනය කළයුතුයි. මහාමාර්ග වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීමෙන් දැනට සිදුවෙන අධික අනතුරු සංඛ්‍යාව බොහෝ දුරට අඩුකර ගත හැකියි.
ගන්න කොමිස් කුට්ටි ටික දැම්මා නම් ලංකාවේ ඔක්කොම මාර්ග ටික නඩත්තු කරගන්න පුලුවන්...
කාලීන යෝජනාවක්. මාර්ග නඩත්තුව අන්තිමයි. ජල සම්පාදනයෙන් කරන පාරවල් කැපීම යථාතත්වයට පත්කිරීමට අවුරුදු ගණන් ගතවන ලක්ෂණයක් තිබේ. මේ හේතුව නිසා වැන්න වල සස්පෙන්ෂන් සිස්ටම් එකට සිදුවන හානිය වැඩියි. අමතර කොටස්වලට වැයවන විදේශ විනිමය අඩුකර ගැනීමට මාර්ග නඩත්තුව හරි ආකාරයට තිබිය යුතුයි. පෙට්‍රල්, ඩීසල් වලට බදු ගෙවන්නේ වාහන අයිති අයයි. මාර්ග නඩත්තුවට එම බදුවලින් කොටසක් ඉල්ලීම සාධාරණයි..!
මහනුවර සිට කොළඹ දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ මාර්ග තදබදය අවම කිරීමේ සාර්ථකම ක්‍රමවේදය ඉදිරිපත් කිරීමට මා හට අවස්ථාව ලබාදිය හැකිද? මෙම ක්‍රමය පාවිච්චි කරන්නේ නම් තව අවුරුදු 25කට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මාර්ග තදබදය සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකිය. මේ සඳහා සීමිත ප්‍රාග්ධනයක් වැය වන බවද සතුටින් දන්වා සිටිමි.