
( තිලකරත්න දිසානායක)
ගම්පහ , බැලුම්මහර ඉන්ධන පිරවුම්හලක් අසල රැඳී සිට ඇති රියදුරන් පිරිසක් සහ ප්‍රදේශවාසියෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් පහර කෑමට ලක්වූ දෙදෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් අයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් යක්කල පොලීසිය පවසයි.
ඊයේ (29) රාත්‍රීයේදී ඉන්ධන ලබාගැනීමට පෝලිමෙහි සිටි රියදුරන් පිරිසක් මත් පැන් පානය කොට හිස් බෝතලයක් අසල තිබූ කාණුවකට දැමීමේදී කුඩුවී යාම මත අසල්වාසී පුද්ගලයෙකු ඊට එරෙහිව කතා කොට ඇති අතර එම කතාබහ ගැටුමක් දක්වා දුරදිග යාම මත දෙදෙනෙකු රෝහල්ගත කිරීමට සිදුව ඇති බවද පොලීසිය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ යක්කල පොලීසිය පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්න මහතා ගේ උපදෙස් පරිදි පරීක්‍ෂණ සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් එක්ක එකට පෝලිමේ ඉන්න එකඑකා මරාගන්නේ නැතිව අපිව මේ පෝලිමට ඇදලා දාපු අයට එරෙහි වෙමු..