ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි.
ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදු කළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දුන්නේය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 700ක් පමණ විදේශීය තෙල් සමාගම් වෙත පැවරීමට රජයේ සුදානම මධ්‍යයේ මෙම නව ගෙවීම් ක්‍රමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දී ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය. චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් පමණ ඉන්ධන පිරවුම්හල් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
පසුදා ඉන්ධන තොගය ලබා ගැනීම සඳහා පෙර දින රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන තොගය සඳහා ඉන්ධන පිරවුම්හල් මුදල් ගෙවිය යුතු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියම කර ඇතත් එසේ සිදුකිරීම අපහසු කටයුත්තක් බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන පිරවුම්හල් හිමියන් මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් පසුදින ඔවුන්ට ඉන්ධන නොලැබෙන බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වසා දැමීමට සිදු වූ බවත් සති කිහිපයක් සාර්ථකව ඉන්ධන නිකුත් කිරීමෙන් පසුව නැවතත් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ඉන්ධන පිරවුම්හල් මීට සමාන ගෙවීම් ක්‍රමයක් අනුගමනය කළත් එම ඉන්ධන පිරවුම්හල් සඳහා මධ්‍යම රාත්‍රී 12 තෙක් කාලය ලබා දී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද එය අනුගමනය කරන්නේ නම් එය ඉන්ධන පිරවුම්හල් හිමියන්ට පහසුවක් බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් දක්වා සීමා කර තිබුණත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබීම හේතුවෙන් ඉන්ධන සඳහා පාරිභෝගික ඉල්ලුමද ඉහළ යමින් පවතින බැවින් දිනකට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය වැඩි කළ යුතු බව රාජපක්ෂ මහතා පැවසුවේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිණුමට මුදල් බැර කළත් නියමිත වේලාවට ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා චෝදනා කළේය.
ඉන්ධන ලබා ගැනීමට ප්‍රථම චෙක්පත් ලබා දීම අලෙවිකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ප්‍රායෝගික ගැටළුවක් වී ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවත් නාඔටුන්න මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය ආර්ථිකය ගැන පුරසාරම් දොඩමින් ඔක්කොම පිටරැටියන්ට දෙන්න තමයි ඔට්ටු වෙන්නේ...
රාජපක්ෂ-රනිල් යුගයෙන් අපේ රට ආපස්සට වැටුණා. අද අපි, රටේ ජනතාවට තියෙන ප්‍රශ්න පාලකයින්ට නැහැ. ගතයුතු පියවර අපි දනිමු...
පිටරට සමාගම් ආයෝජනය කළාම ලංකාවට වාසියක් තියෙනවද? ඒගොල්ලෝ ආයෝජනය කරලා එන මුදල් ඩොලර්වලට හරවලා ආයේ අරන් යනවා නේද? එහෙම අරන් යන්නත් ඩොලර් නැහැ නේද? ලංකාවේ ආයෝජනය කරන්න අවසර දෙනවට රජය මොනවා හරි ගාස්තු හෝ බදු අය කිරීමක් කරනවද?
ඇයි කලින් මුදල් ගෙවන්න බැරි? මේ තරම්කල් හම්බ කළ මුදල් කෝ? මොකද කලින් තෙල් ණයටද පාරිභෝගිකයින්ට දුන්නේ?
මේක තමයි වෙන්න ඕනේ... කමක් නැහැ. දැන් කොහොමත් එකයි. මේක බේරගන්න බැහැ.
කරුණාකරලා ඔය ශෙඩ්වලින් ණයට තෙල්ගහපු අය සල්ලි දෙන්න. පවු එයාලට සල්ලි නෑලු, අපිට පිනට සහ ණයට තෙල් ගහලා...
මට පෙනෙන්නේ අන්තිමට අපේ ගේ දොර ඉඩකඩම් පවා කොහේ හරි පිට රටකට විකුනන්න වෙයි වගේ අගාධෙන් ගොඩ එන්න