(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දින 11 ක් නවතා තිබූ ඉන්ධන නෞකාව ඩොලර් මිලියන 42 ක් ගෙවා නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඩීසල් සහ ගුවන් යානා තෙල් මෙටි්‍රක්ටොන් 20,000 බැගින් සහිත මෙම නෞකාව මෙම මස 14 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවුවද ඩොලර් නොමැති වීමෙන් ඉන්ධන නිදහස් කරගැනීමට නොහැකි වූ බවත් අද (25) ඩොලර් ගෙවා නිදහස් කරගත් බවත් එම නිලධාරියා කීය.

එම ඉන්ධන තොගය හැකි ඉක්මණින් ගොඩබෑමට කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.