IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්ධන නැතිව ගිලන්රථ ගිලන්වෙයි

 (ඩයනා උදයංගනී)

රෝහල් රැසක ගිලන්රථ, ඖෂධ ප්‍රවාහන ලොරි රථ හා ජෙනරේටර් සඳහා ඉන්ධන ලබාගැනීම මේ වන විට ගැටලුවක් වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

ගිලන්රථ සඳහා ඉන්ධන නොලැබුණහොත් අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් කුඩා රෝහල්වල සිට පහසුකම් සහිත රෝහල්වලට රැගෙනඒමට නොහැකි වීමෙනුත්, ජෙනරේටර් සඳහා ඉන්ධන නොමැතිවී ශල්‍යාගාර හා දැඩි සත්කාර ඒකකවල කටයුතු ඇණ හිටියහොත් ඉදිරියේ දී ජීවිත හානි පවා සිදුවීමේ අවදානමක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එමෙන්ම රට තුළ ඇති ඖෂධ හෝ රෝහල් අතර බෙදාහැරීමට ද මෙයින් බාධා ඇතිවී තිබෙන බව වාර්තා වේ.

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එහි ගිලන් රථ 15 හිම ප්‍රමාණවත් ඉන්ධන නොමැති බවයි.

එමෙන්ම එම රෝහලේ ඖෂධ ප්‍රවාහන ලොරි රථ දෙකක්, විවිධ කටයුතු වෙනුවෙන් යොදාගන්නා කැබ්රථ හතරක් සහ වෑන් රථයක් ද ඉන්ධන නොමැතිය ගාල් කර ඇති බව රෝහල් සේවකයෝ පවසති.

වැල්ලවාය මූලික රෝහලට අයත් ගිලන් රථ තුනෙන් දෙකක් ඩීසල් නොමැතිව ගාල් කර ඇති අතර අනෙක් ගිලන් රථයෙහි ද මොණරාගල රෝහලට එක් වරක් ගොස් නැවත පැමීණිමට පමණක් ඇතැයි එහි වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව මහතා පවසයි.

අනුරාධපුර ශීක්ෂණ රෝහල, කටියාව, සේනපුර, එප්පාවල, හොරොව්පතාන, තඹුත්තේගම යන රෝහල්වල ඇති ගිලන් රථවල ද මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැති බව වාර්තා වේ.

රට පුරා තවත් රෝහල් රැසක මෙම ගැටලුව මතුවී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්ධන ගැටලු හා සේවකයන්ට සේවයට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් පෞද්ගලික ගිලන්රථ සේවා ද මේ වන විට සේවා පවත්වාගෙන යා නොහැකි තත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. 



අදහස් (0)

ඉන්ධන නැතිව ගිලන්රථ ගිලන්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site