
ඉකුත් කාලය තුළ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිදු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට පැමිණ නැතැයි බ්‍රැන්ඩික්ස් සමාගම සඳහන් කරයි.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස පොකුර සහ ඒ හේතුවෙන් උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බ්‍රැන්ඩික්ස් සමාගම ඒ බව සඳහන් කරයි.
විශේෂ ගුවන් යානා මගින් මෙරටට ගෙන්වා ගත් සියලු ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනා රජය නිර්දේශ කර ඇති පරිදි දින 28ක නිරෝධායනයට ලක් කළ බව ද එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
අපගේ සමාගමට අයත් මිනුවන්ගොඩ පිහිටි කර්මාන්ත ශාලාවේ කොවිඩ්-19 වෛරසය ආසාදන තත්ත්වයක් නිසා ඇතිවී තිබෙන ආපදා තත්ත්වය පාලනය කිරීමේ අභියෝගයට අපි මුහුණ දෙමින් සිටිමු. මෙම ක්‍රියාවලිය පුරා විනිවිදභාවය උපරිම අයුරින් ආරක්ෂා කිරීම සඳහා මහජනතාවට ඇතිවන ඕනෑම ගැටලුවක් පැහැදිලි කිරීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරමු.
අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ විදෙස් ජාතිකයන් සේවය කළ බවට යම් ගැටලුවක් මතුවී ඇති අතර ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. මෙම කාලය තුළ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිදු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලා පරිශ්‍රයට ඇතුළත් නොවූ බව දන්වා සිටිමු. අපගේ කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් ගෙන්වන ලද රෙදිපිළි භාවිත නොකළ බවත් අපගේ ඉන්දියාවේ පිහිටි කර්මාන්ත ශාලාවෙන් කිසිදු ඇනවුමන් භාර නොගත් බවත් පැහැදිලි කරමු.
විශේෂ ගුවන් යානා යොදවා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට කාර්ය මණ්ඩල සාමාජිකයන් ගෙන්වා ගැනීම පිළිබඳවද මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. ඉන්දියාවේ විසාකාපට්නම්හි පිහිටි අපගේ කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අප විසින් විශේෂ ගුවන් යානා තුනක් යොමු කරන ලදී. කොවිඩ්-19 වයිරසය පැතිර යාම පාලනය කිරීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම, අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් නිරෝධායනට ලක්වීම, එතැන් සිට තවත් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වීම ඇතුළු ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරන ලද සියලු පියවර එම කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනුගමනය කළ බව අපි සහතික වන්නෙමු.
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් වයිරසය ආසාදනය වූ කාර්ය මණ්ඩල සාමාජිකාවක හමුවීමෙන් අනතුරුව අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රැකියාවට වාර්තා කරන ලෙස අප බලකර සිටි බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් සංසරණය විය.
එම වීඩියෝවේ කැපී පෙනෙන කාන්තාව නේවාසිකාගාරයක් පවත්වාගෙන යන තැනැත්තියක වන අතර ඇගේ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන ඇතැයි එහි සඳහන් කරන සේවිකාවන් සහ අධීක්ෂණ නිලධාරිනිය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව විසින් කොන්ත්‍රාත් පදනම මත ලබාගත් තුන්වන පාර්ශ්වයේ පිරිසිදු කිරීමේ සේවා සම්පාදක ආයතනයකට අනුබද්ධිත සේවිකාවන් තිදෙනෙකි. එම වීඩියෝවේ සඳහන් වන කිසිවකු බ්‍රැන්ඩික්ස් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නොවන බව මෙයින් තහවුරු කරමු.
අපගේ රට මෙම ආපදා තත්ත්වයෙන් නැගීසිටීම සඳහා සාමූහික ප්‍රයත්නයක නිරත වන මෙවන් මොහොතක වයිරසයෙන් ප්‍රජාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට දායකත්වය ලබාදෙන අතරම අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් සුබසෙත තහවුරු කිරීමට අපි අඛණ්ඩව කැපවෙමු.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන වහාම සොයාබලා ඒ සියලුම විධායක නිලධාරීන් මේ රටේ අසාදු ලේඛනයට දැමිය යුතුයි.
මෙයාලා මොනවා කීවත්.. මෙම ආයතනය පාලකයන්ගේ වැරැද්දකින් තමයි මේක සිදුවුණේ. අන්තිමට මුලු රටම අමාරුවේ දැම්මා.
මෙච්චර දෙයක් වෙලත් ඇයි අනේ බොරු කියන්නේ?
මට ලැබුණු ඉතාම විශ්වාසදායක ආරංචි අනුව සැප්තැම්බර් 22දා මත්තලට පැමිණි ගුවන්යානයෙන් පැමිණියේ ඉන්දියන් ජාතිකයින් නොව ශ්‍රී ලාංකිකයින් යයි මොහොතකට හිතමු. (මේ ගොල්ලෝ කියන විදිහට) එතකොට ඒ අය දින 15 ක් නිරෝධායන මධ්‍යස්ථානයක සිටිය යුතුයි. ඒ අනුව ඔක්තෝබර් 7 වෙනිදා දක්වාත් (ඊයේ) , එයින් පසු තවත් දින 15 ක් නිවසේත් (ඔක්තෝබර් 22 තෙක් ) සිටිය යුතුයි. මේ අනුව ඒ අය දැන් ඔවුන්ගේ නිවෙස් වල සිටිය යුතුයි. ඒ අයකවුද කියලා කියන්න ඔය ආයතනයට බැරි ඇයි..? ඒ අය පළමු දින 15 නිරෝධායනය කලේ කොහෙද..? ආපහු ගිය ඉන්දියන් කාරයින් ගැන මොකද කියන්නේ...? කොළඹ ඇති ප්‍රසිද්ධ කැරෝකේ සමාජ ශාලාවලට ගිය ඉන්දියානුවා සහ මේ ආයතනේ අය කවුද..? ඒ අයව බේරගන්න ඉහලින්ම අන දුන්නේ කවුද? බ්‍රැන්ඩික්ස් ආයතනය ගාගත්ත මේ කළු පැල්ලම මකා දමන්න ලංකාවේ දේශපාලුවන් රැසක් උත්සහ කරනවා කියලා ආරංචියි. මොකද කෝටි ගණන් මුදල්, ඡන්දෙදී අරයාට පොම්පකලේ මේ ආයතනයේ ලොක්කෙක් බව දැන් කවුරුත් දන්නවා.
දැන් ශේප් වෙන්න බොරු කතා ගොතලා වැඩක් නැහැ.
නිදහසට කිසිදු කරුණක් නොපෙනේ…
සමාගම මොනවා කීවත් මෙතන සමාගම පැත්තෙන් විශාල අතපසු වීමක් සහ වරදක් සිදුවී ඇතිබව බැලූ බැල්මට පේනවා.
දැනට රජය පැත්තෙන් කරන ප්‍රකාශ වලින් පේනවා මේක වහන්න උත්සහයක් ගන්නා බව.
ඡන්දෙදි කිසිම පැකලීමක් නැතිව වියදම් කල මහත්මයෙක්ට සලකපු එක වැරදිද.?
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනාව බේරනවා වගේ මේ අයගේ ආණ්ඩුවෙන් බ්‍රැන්ඩික්ස් එක බේරන්න හදනවා. මිනිස්සුන්ට මෙව්වා තේරෙනවද මන්දා...? පුන්නක්කු කන 68 ලක්ෂයට නම් කොහෙත්ම අවබෝධයක් නැතිව ඇති... මොනවද වෙන්නේ කියලාවත්..
බ්‍රැන්ඩික්ස් දැන් පහතටම වැටිලා මේ හින්දා...
මොන මහත්වරු යටතේද මේ අය නිරෝධායනය වුණේ?
සල්ලිවලට ආණ්ඩුවත් යටවෙනවා.