
(ඉන්දිකා රාමනායක)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකා පොලිසියට රුපියල් බිලියන 2.5 වටිනා වාහන 750 ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මේ සදහා වු අවබෝධතා ගිවිසුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, මහේන්ද්‍රා සහ මහේන්ද්‍ර ආයතනයේ උප සභාපති හා ප්‍රධානි ජොයිඩිප් මොයිට්රා යන මහත්වරුන් විසින් අමාත්‍යාශයේ දී සිදු අත්සන් කෙරිණි.
මෙම ජිප් රථ අදියර තුනක් යටතේ මෙම අගෝස්තු මස අවසාන වීමට පෙර ජිප් රථ 250 ක්, සැත්තැම්බර් මස අවසන් වීමට පෙර ජිප් රථ 250 ක්, දසහ 2023 වසරේ මාර්තු මස අවසානයට පෙර ජිප් රථ 250 වශයෙන් මේවා ලබා දීමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.
ජපන් ආධාර යටතේ මේ වනවිට පොලිසියට ත්‍රිරෝද රථ 2000 ක්, ජිප් රථ ඇතුලු වාහන 72 ක් හා යතුරු පැදි 150 ක් ප්‍රධාන කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්නද?
ශා! හරි සන්තෝශයි. දැන් නම් හොරු ටික අල්ලයි හිටු කියල, හැබැයි කම්බා හොරු නෙවෙයි.. ඒ ගොල්ල අල්ලන්න පොලිසියට ජෙට් එක ගානෙ දෙන්න වෙනවනෙ.
රට ආර්ථික ප්ර්රපාතයකට ඇදවැටී ඇති අවස්ථාවක ඉන්දියාව හෝ කුමණ රටකින් ලබාගන්නා ආධාර ප්ර්රයොජනවත් ලෙස ආර්ථික වර්ධනය සදහා ආයෝජන සදහා යෙදවිය. උදාහරණයක් ලෙස අද තේ කර්මාන්තය බිංදුවට වැටි ඇත රාසායනික පොහොර මෙන්ම අනෙකුත් අවශ්‍ය දුව්‍ය නොමැති නිසා තේ ඵලදාව නිසි ලෙස ලබාගැනිමට නොහැකි වි ඇත. දැන් ආණ්ඩුව ඛනිජ තෙල් ඖෂධ ඇතුළු අනෙකුත් දුව්‍ය ආනයනය සදහා ඩොලර් නොමැති බව පුන පුනා කියා සිටි තේ වැනි ආර්ථික වගාවන් කඩාවැටීම තුලින් ජාතික ආර්ථිකය තවත් බිදවැටේ මේ අවස්ථාවේ පොලිසියට වාහන ලබාදිමෙන් බලාපොරොත්තු වන්නෙ වෙන එකක් දැනට රජයට විරුද්ධව නැගෙන ජනතා හඩ තව තව මර්ධනය කිරීමට පොලිසිය සන්නද්ධ කරන බවයි.
වාහනත් ඉන්දියාවෙන්, ඩීසලුත් ඉන්දියාවෙන්, ණයත් ඉන්දියාවෙන්. අපි තමයි හොඳටම කරන්නේ.
ටැංකිය පිරෙන්න ඉන්දන ගහලම ගෙවන්න.