(ඉන්දිකා රාමනායක)
ඇමරිකානු ඩොලර් මිලියන 20කට ආසන්න වටිනාකමින් යුතු පාවෙන තටාකාංගන පහසුකමක (Floating Dock) ඉන්දීයාව නාවික හමුදාව වෙත ප්‍රදානය කළ බව නාවික හමුදාව පවසයි.
මෙම පාවෙන නැව් තටාකාංගණය නාවික හමුදාවට ප්‍රදානයක් ලෙස ලැබෙන බවත් ඒ සදහා වු ගිවිසුම අද අත්සන් තැබු බවත් ඉන්දියාවේ ගෝව නැව් තටාකාංගන සමාගම වෙතින් ඉදිරි වසර 2 1/2 ඇතුළත මෙම පාවෙන තටාකාංගනය ත්‍රිකුණමලය නාවික තටාකාංගනයේ ස්තාපිත කිරීමට නියමිතව නාවික හමුදාව පවසයි.
මෙමගින් නාවික හමුදාවේ විශාල ප්‍රමාණයේ නෞකාවන්ගේ දියයට නඩත්තු සහ සේවාවන් වෙනුවෙන් වාර්ෂිකව වැය වූ රුපියල් මිලියන 600ක පමණ විශාල මුදල් ප්‍රමානයක් නාවික හමුදාවට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද නාවික හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියෙදි ත්‍රිකුණාමලය වරායෙහි ලැගුම් ගන්න ඉන්දියානු නැව නඩත්තුවටත් මනා රුකුලක් වේවි...!
පාවෙන නැව් තටාංගණය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට දුන්නාද? නැත්නම් ඉන්දියාවේම තියෙන නාවික හමුදාවට දුන්නද?