
ඉන්දියාවෙන් මේ දක්වා දිනයකදී වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද අද (23 වැනිදා) වාර්තා වී ඇති බව එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරයි. අද දිනයේ වාර්තා වූ කොරෝනා වයිරස් රෝගීන් 45,720 ක් වන අතර මරණ සංඛ්‍යාව 1,129 කි.
මේ වන විට ඉන්දියාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇති අතර එය 12,38,635 කි. මේ වන විට පුද්ගලයින් 7,82,607 ක් සුවය ලබා ඇති නමුත් 29,861 ක් මියගොස් තිබේ.
රෝගයෙන් සුවය ලබන අනුපාතය 63.18 % ක් වන අතර කරනු ලබන පරීක්ෂණ වලින් රෝගීන් හමුවන අනුපාතය 13.03 % කි. වැඩිම සාම්පල සංඛ්‍යාවක් බදාදා අත්හදා බැලූ අතර සාම්පල 3,50,823 ක් එකතු කරන ලදී. මේ දක්වා පරීක්ෂා කර ඇති මුළු සාම්පල කෝටි 1.5 ඉක්මවන බව රජයේ දත්ත පෙන්වා දෙයි.
ඉන්දියාවේ වැඩිම කොරොන වයිරස් රෝගීන් සිටින්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වන අතර දෙවන ස්ථානය තමිල්නාඩුවට හිමිවී තිබේ.
පසුගිය පැය 24 තුළ වැඩිම COVID-19 රෝගීන් වාර්තා වූ ප්‍රාන්ත පහ වන්නේ මහාරාෂ්ට්‍රය (10,576), ආන්ද්‍ර ප්‍රදේශය (6,045), තමිල්නාඩුව (5,849), කර්ණාටක ප්‍රාන්තය(4,764) සහ උත්තර් ප්‍රදේශය (2,300) ය.
පසුගිය පැය 24 තුළ වැඩිම මරණ වාර්තා වූ ප්‍රාන්ත පහ වන්නේ තමිල්නාඩුව (518), මහාරාෂ්ට්‍රය (280), ආන්ද්‍ර ප්‍රදේශය (65), කර්ණාටක ප්‍රාන්තය (55) සහ බටහිර බෙංගාලය (39) ය.
කොරෝනා වෛරස් රෝගීන් දිගින් දිගටම ඉහළ යමින් පවතින බැවින් ප්‍රාන්ත කිහිපයක්ම ඔවුන්ගේ නගරවල පූර්ණ අගුළු දමා ඇති බව ප්‍රකාශ කර තිබේ. එක්සත් ජනපදයට හා බ්‍රසීලයට පසුව වැඩිම කොරෝනා වයිරස් රෝගීන් සිටින්නේ ඉන්දියාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd