(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය පහසුකම තවත් මාස කිහිපයකින් දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ණය පහසුකම එළඹෙන මාර්තු 17 වැනිදා කල් ඉකුත් වන අතර ශ්‍රී ලංකාව ඉන් භාවිත කර ඇත්තේ තුනෙන් දෙකක ප්‍රමාණයක් පමණි.ඉන් වැඩි ප්‍රමාණය ආහාර සහ ඖෂධ වෙනුවෙන් භාවිත කර තිබේ.ණය පහසුකම දීර්ඝ කර ගැනීමේ සාකච්ඡා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඉහළ යමින් සහ ආර්ථිකය දියණු වෙමින් පවතින මොහොතක ආරම්භ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයට ණය පහසුකම මාස 6 ත් 12 ත් අතර කාලයකින් දීර්ඝ කර ගැනීමට අවශ්‍ය වී ඇති බවත් ණය පහසුකමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව භාවිත කර නොමැති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳ තවමත් දෙරට අතර එකඟත්වයක් ඇති වී නොමැති බවද සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හදන්නේ වාහන ගෙන්වන්න අවස්ථාව ලබා ගන්න.