
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම් සඳහා පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායම නැවත රැගෙන යාමට ආ ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 Globemaster ගුවන් යානයෙන් මෙරටට තවත් ද්‍රව්‍යාධාර තොගයක් රැගෙන වී තිබේ.
ඖෂධ ටොන් 10ක් සහ වියළි ආහාර ටොන් 15ක් ඊට ඇතුළත් වේ. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ප්‍රජාවට සහන සැලසීමේ කටයුතු සඳහා සහාය වීමේ අරමුණෙන් මෙම ද්‍රව්‍යාධාර තොගය මෙරටට එවා ඇත.
මීට අමතරව, ශෝර්යා නැමැති ඉන්දියානු වෙරළාරක්ෂක නෞකාවෙන් ටොන් 50 බරැති වියළි සළාක තොගයක් ඊයේ (15) මෙරටට එවා තිබු අතර, එම ආහාර තොගය ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා විසින් වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා වෙත නිල වශයෙන් බාර දෙන ලදී.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දියාවෙන් තවත් වියළි සළාක තොගයක්